The Leader News
BREAKING
Top Ad
පුවත්

වත්මන් අර්බුදයේ බර ජනතාවගේ කරපිටින් යැව්වොත් බලාගෙනයි ! - පෙරටුගාමී ගෙන් අනතුරු ඇඟවීමක්

T

The Leader Desk

March 19, 2026 • 3:55 PM

වත්මන් අර්බුදයේ බර ජනතාවගේ කරපිටින් යැව්වොත් බලාගෙනයි ! - පෙරටුගාමී ගෙන් අනතුරු ඇඟවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ රටේ ජනතාව සමග එක්වී පුළුල් ජනතා බලයක් ගොඩනගන්න සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
  • එහෙම නොවී ඩොලර් රට ඇතුළේ සංසරණය වෙනවනම් එතන නිර්මාණය වෙන්නේ කළු ආර්ථියක්.
  • දී බැසිල් රාජපක්ෂත් මේ වගේම ප්‍රකාශයක් කළා.
  • දැන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පස්සේ ධනකුවේර සමාගම් 12ක් ලෑස්තිවෙලා ඉන්නවා ඉන්ධන ගෙන්වන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ රටේ ජනතාව සමග එක්වී පුළුල් ජනතා බලයක් ගොඩනගන්න සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව එබව කියා සිටියේ අද (19) පස්වරුවේ නුගේගොඩදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

''අධිරාජ්‍යවාදි යුද්ධය සහ එහි ආර්ථික - දේශපාලන ප්‍රතිවිපාක'' යන මැයෙන් යුතුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවා තිබිණ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව,

''ආණ්ඩුව මේ යුද්ධය ගැන නිවැරදි ගණං බැලීමකින් තොරවයි තමන්ගේ ආර්ථික සැලැස්ම හදාගෙන තියෙන්නේ''

"  පසුගිය දවසේ ජනාධිපතිවරයා තමන්ගේ හිතවත් මාධ්‍යවේදීන් ගෙන්නගෙන සැළසුම් කළ මාධ්‍ය හමුවක් පැවත්වුවා. ඔහු මේකෙදි කිව්වා අඛණ්ඩව තෙල් විදුලිය ලබාදීම සඳහා රජය අරගෙන තියෙන ක්‍රියාමාර්ග ගැන. අපි දන්නවා මේ වෙලාවෙ ලෝකය ඉන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයක් අභිමුව. ලංකාවේ ඉදිරි ආර්ථික තත්වය තීරණය වෙන්න මේ යුද්ධය අනිවාරෙන් බලපානවා. නමුත් අපිට පේනවා ලංකාවෙ ආණ්ඩුව මේ යුද්ධය ගැන නිවැරදි ගණං බැලීමකින් තොරව තමයි තමන්ගේ ආර්ථික සැලැස්ම හදාගෙන තියෙන්නේ. මොකද ජනාධිපතිවරයා තමන්ගේ කතාවෙදි කිව්වේ සති කිහිපයක සැලැස්මක් ගැන.

මේ මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා ඉතාම බරපතළ යෝජනාවක් හෙලිදරව් කළා. ඒ තමයි මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ ඩොලර් භාවිතා කරලා ඉන්ධන ගෙන්වන්න අවසර දෙනවා කියන කතාව. කෙනෙකුට මේක ආර්ථිකයට ඉතාම හොඳ යෝජනාවක් විදිහට පේන්න පුලුවන්. හැබැයි අපි දන්නවා ලංකාවේ ඩොලර් එහා මෙහා වීම සම්පූර්ණයෙන් වෙන්න ඕන මහබැංකුවේ නිරීක්ෂණයට යටත්ව. එහෙම නොවී ඩොලර් රට ඇතුළේ සංසරණය වෙනවනම් එතන නිර්මාණය වෙන්නේ කළු ආර්ථියක්.

2022 දී බැසිල් රාජපක්ෂත් මේ වගේම ප්‍රකාශයක් කළා. ඔහු කිව්වේ උන්ඩියල් හවායල් ක්‍රම ප්‍රශ්නයක් නෑ කියලා. දැන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පස්සේ ධනකුවේර සමාගම් 12ක් ලෑස්තිවෙලා ඉන්නවා ඉන්ධන ගෙන්වන්න. අපිට තියෙන ප්‍රශ්නය තමයි එහෙම ඉන්ධන ගෙන්වන්න මේ සමාගම්වලට ඩොලර් කොහෙන්ද ? මේ රටේ වතු කම්කරුවෝ, ඇඟලුම් කම්කරුවෝ, අර මැදපෙරදිග සේවය කරන ශ්‍රමිකයෝ පැය ගණං දුක් විඳිමින් හොයන ඩොලර් ටික තමයි මේ ව්‍යාපාරිකයෝ වංචා සහගතව තියාගෙන ඉන්නේ.

රජයේ වාර්තාවලම තියනවා පසුගිය 2007 - 17 කාලයේදී මේ ව්‍යාපාරිකයෝ නීතිවිරෝධී විදිහට වාර්ෂිකව ඩොලර් බිලියන 4 බැගින් රටෙන් එළියට ඇදලා තියාගෙන ඉන්නවා කියලා. ලංකාවේ ගිණුම්වලට වැටෙන්න ඕන සල්ලි තමයි මේ විදිහට බිලියන ගණං රටෙන් පිට තියාගෙන ඉන්නේ. ඒ වංචනික මුදල් නැවත රට ඇතුළට ගෙන්න ගන්න නීති සම්මත කරනවා වෙනුවට ආණ්ඩුව ලෑස්ති වෙන්නේ මේ හොරු ටිකට තවත් ලාභ ගොඩගහන ගන්න බිස්නස් එකක් හදලා දෙන්න.

ආණ්ඩුවට පිටින් ධම්මික පෙරේරලාගේ පුංචි ආණ්ඩුවක්..

අනිත් පැත්තෙන් මෙහෙම ඉන්ධන ගෙන්වන්න ලයිසන් එකක් ලැබුණම වෙන්නේ ඒ මහාපරිමාණ සමාගම් විසින් කුඩා සමාගම් තමන්ගේ අධිපත්‍යට යටත් කරගන්නවා. ඔවුන්ට කියන්න පුලුවන් ඕගොල්ලෝ ගාව තියෙන ඩොලර් අපි ගාව ආයෝජනය කරන්න ඊටපස්සෙ අපි තෙල් ගෙන්නලා ඕගොල්ලන්ට දෙන්නම් කියලා. මේකෙන් ආණ්ඩුවට පිටින් ධම්මික පෙරේරලාගේ පුංචි ආණ්ඩුවක් රට ඇතුළේ නිර්මාණය වෙන එක නවත්වන්න පුලුවන් කමක් නෑ. ඊටපස්සෙ ඔවුන් තමයි රටේ තෙල් මිල තෙල් බෙදා හැරීම සියල්ලම තීරණය කරන්නේ. ආණ්ඩුවටයි ජනතාවටයි වෙන්නේ උඩ බලාගෙන ඉන්න.  

අපි මුල ඉඳලම ආණ්ඩුවට කිව්වා ඉන්ධන අර්බුදයක් එන්න පුලුවන්. ඒ නිසා වහාම ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න කියලා. හැබැයි අවුරුදු එකහමාරක් තිස්සේ කිසිඳු තෙල් ගබඩාවක් අලුත්වැඩියා කරන්න, තෙල් පිරිපහදු අලුත්වැඩියා කරන්න ආණ්ඩුව කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අඩුමතරමින් මැදපෙරදිග යුද්ධය පටන් ගන්න වෙලාවේ රටේ ජනතාව ඉවෙන් වගේ දැනගෙන තෙල් අර්බුදයක් එනවා ඒ නිසා තෙල් ටිකක් එකතුකරගන්න ඕන කියලා හිතිලා පෝලිමවලට ගියා. අන්න ඒ ඉවවත් මේ ආණ්ඩුවට මේ යුද්ධය ගැන තිබුණේ නෑ. දැන් ඇවිල්ලා නහයෙන් අඬනවා තෙල් නෑ කියලා.

''තෙල් අර්බුදයක් ආවොත් දරුවන්ව ළඟම පාසලට යවන්න පුලුවන් ක්‍රමවේදයක් හදන්න''

දැන් මේ තෙල් අර්බුදය නිසා ආණ්ඩුව ඇතුළේ සාකාච්ඡා වෙමින් යනවා දරුවන්ගේ පාසල් ගමන නවත්තලා නැවත ඔන්ලයින් අධ්‍යාපනය පටන් ගන්න. නමුත් අපි දන්නවා පසුගිය කොරෝනා කාලේ ඔන්ලයින් අධ්‍යාපනය නිසා දරුවන්ගේ අධ්‍යාපනයට පෞර්ෂයට මොනතරම් බරපතළ හානියක් වුණාද කියලා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා පාසල් වහලා ඔන්ලයින් උගන්වනවා වගේ ක්‍රියාමාරගයක් ගන්න ලෑස්ති වෙන්න එපා කියලා. තෙල් අර්බුදයක් ආවොත් දරුවන්ව ළඟම පාසලට යවන්න පුලුවන් ක්‍රමවේදයක් හදන්න. ඒ පාසල්වල ගුරු හිඟය සම්පත් හිඟය පියවන්න වහාම ක්‍රියාමාර්ග හදන්න. මොකද ආණ්ඩුව පසුගිය කාලේ අපි එපා කියද්දි තමයි වාහන ගෙන්වන්න අනුමැතිය දුන්නේ. මේකෙන් ඩොලර් බිලියන ගාණක් රටට අහිමි වුණා. දැන් ඒ ගෙන්නපු වාහන විශාල වශයෙන් ඉන්ධන වැයවෙන අධි සුඛෝපභෝගී වාහන. ඒ වාහනවලට විශාල විදිහට ඉන්ධන වැයවෙනවා. ඒ මෝඩ වැඩේ කරලා දැන් ඒකෙ හානිය දරුවෝ පිටින් යවන්න ආණ්ඩුවට කිසිම අයිතියක් නෑ.

අනිත් පැත්තෙන් ඉදිරි කාලයේදී රටේ නියං තත්වයක් ඇතිවෙන්න පුලුවන් කියලා පුරෝකතන ඉදිරිපත් වෙමින් යනවා. ලෝක දේශපානලන උණුසුම එක්ක සහ මේ තත්වය එක්ක ඉදිරියේදී ලංකාවට බරපතළ ආහාර හිඟයක් ඇතිවෙන්න පුලුවන්. එහෙම නම් ආණ්ඩුව දැන්මම ආහාර සංචිත එක්‍ රැස් කරගන්න ක්‍රියාමාර්ගයකට යන්න ඕන. නැත්තම් වෙන්නේ ලංකාවෙ ගොවියන්ගේ වී ටික මංකොල්ල කාගෙන ලාභ උපයන ඩඩ්ලිලා ගාව නැවත වරක් වැඳ වැටෙන්න. 

 
''මේ වෙලාවෙ ලෝක මට්ටමින් දිගහැරෙමින් තියෙන්නේ ඉතාම බරපතළ අධිරාජ්‍යවාදී යුද්ධයක්''
 
ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ වෙලාවෙ ලෝක මට්ටමින් දිගහැරෙමින් තියෙන්නේ ඉතාම බරපතළ අධිරාජ්‍යවාදී යුද්ධයක්. චීනය ඇමරිකාව රුසියාව ඇතුළු රටවල් ඉන්නේ විශාල ආතතියක. හැමෝම බලාගෙන ඉන්නේ තමන්ගේ ගොඩ වැඩි කරගන්න. මේ යුද්ධය අස්සේ අපි ඉන්න ඕන නොබැඳි ප්‍රතිපත්තියක. එහෙම නැතුව මේ යුද්ධය අස්සෙ අපි එක පැත්තක් අරගත්තොත් ඒකෙන් අපේ රටේ ආර්ථිකයට විශාල හානියක් වෙන්න පුලුවන්. අනිත් පැත්තෙන් මහාපරිමාණ ව්‍යාපාරිකයෝ බලාගෙන ඉන්නවා මේ අර්බුදය පාවිච්චි කරලා ගොඩ යන්න. ඒකට ආණ්ඩුව උඩගෙඩි දිය යුතු නැහැ. මේ අර්බුදයේ බර ජනතාවගේ කරපිටින් යවලා ව්‍යාපාරික පැලැන්තිය සතුටු කරන්න ආණ්ඩුව කටයුතු කළොත් ඒකට එරෙහිව මේ රටේ ජනතාව සමග එලතුවෙලා පුළුල් ජනතා බලයක් ගොඩනගන්න අපි සූදානම්. "

මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ද සහභාගිවිය.
 

 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...