හේතුවෙන් ශ්‍රී ලංකාව ගෙවුම් ශේෂ අර්බුදයකට ගමන් කිරීමේ අවදානමක් නිර්මාණය වී තිබේ.
මේ හේතුවෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගැනීමේ ශ්‍රී ලංකාවේ ගමන් මග අවදානම් සහගත අදියරකයට පැමිණීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇත.
මෙම තත්ත්වය පැහැදිලි කරමින් සහ ඉදිරි ක්‍රියාමාර්ග ඇතුළත් කරමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය කාලීන සහ ප්‍රායෝගික මාර්ග සැලැස්මක් ඉදිරිපත් කර තිබේ.
ඉකුත් 2022 ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතවල තත්ත්වය ඉහළ ගිය ද, ගෝලීය කම්පනවලට මුහුණ දීමට තරම් ශක්තිමත් තත්ත්වයකට පත්ව නොමැත.
ඉරානය මූලික කරගනිමින් මැද පෙරදිග ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් තෙල් මිල ගණන් වරින් වර ඉහළ යෑමේ අවදානමක් නිර්මාණය වී තිබෙන අතර එම නිසා ඩොලර් පිටතට ගලා යෑමේ අවදානමක් මතු වී තිබේ. ආනයන මත පදනම් හා යැපෙන ආර්ථිකයක් වශයෙන් ශ්‍රී ලංකාවට මේ හේතුවෙන් තීව්‍ර අවදානම් තත්ත්වයක් ඇතිව තිබෙන අතර මෙයින් එල්ල වන පීඩනය හේතුවෙන් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇතිවිය හැකි ය.
මෙම තත්ත්ව සලකා බලමින් අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කරන්නැයි ශ්‍රී ලංකා වාණ්ජ මණ්ඩලය අවධාරණය කර ඇත. ඩොලර් - ඉන්ධන, ආහාර, ඖෂධ සහ අපනයන අමුද්‍රව්‍යවලට සීමා නොකළහොත් ඉකුත් අවස්ථාවල ඇති වූ තත්ත්ව නැවත ඇති විය හැකි බවත් ඒ අයුරින්ම ඩොලර් සීමා වී, හිඟ ඇති වූ මූල්‍ය ඒකකය කඩා වැටෙනු ඇති බවත් වානිජ්‍ය මණ්ඩලය පෙන්වාදෙයි.





