The Leader News
BREAKING
Top Ad
පුවත්

මැදපෙරදිග ගැටුමෙන් ආහාර සුරක්ෂිතතාවත් අනතුරේ !

T

The Leader Desk

March 20, 2026 • 3:40 AM

මැදපෙරදිග ගැටුමෙන් ආහාර සුරක්ෂිතතාවත් අනතුරේ  !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය මේ බව අවධාරණය කරන්නේ ‘2026 මැදපෙරදිග ගැටුමෙන් ඇති වන ගෝලීය කෘෂි හා ආහාර පද්ධතිවල බලපෑම් මැයෙන්’ සිය නවතම වාර්තාව එළිදක්වමිනි.
  • පොහොර හිඟය සහ බලශක්ති මිල ඉහළ යාම අස්වැන්නට තර්ජනයක් වන අතර විදේශ ආදායම් අඩුවීම සහ ජෛව ඉන්ධන නිෂ්පාදන කටයුතුවලට යොදාගැනීම ආහාර මිලවල අස්ථාවරතාවය වැඩි කළ හැකි යැයි ද එහි සඳහන් වේ.
  • මෙය විශේෂයෙන් අප්‍රිකාව, ආසියාව සහ ආනයන මත පදනම් වූ රටවලට බලපාන බව පවසන ආහාර හා කෘෂිකර්ම සංවිධානය මේ නිසා සැපයුම් දාම ස්ථාවර කිරීමට වහාම ක්‍රියාමාර්ග අවශ්‍ය වන බව අවධාරණය කරයි.
  • ඒ සඳහා විකල්ප වෙළඳ මාර්ග සංවර්ධනය, වෙළඳපොළ නිරීක්ෂණය ශක්තිමත් කිරීම, ගොවීන්ට ආර්ථික සහාය ලබා දීම සහ අවදානම් රටවලට ඉලක්කගත ආධාර සැපයීම වැදගත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය මේ බව අවධාරණය කරන්නේ ‘2026 මැදපෙරදිග ගැටුමෙන් ඇති වන ගෝලීය කෘෂි හා ආහාර පද්ධතිවල බලපෑම් මැයෙන්’ සිය නවතම වාර්තාව එළිදක්වමිනි.

ඉරානය සහ මැදපෙරදිග ප්‍රදේශයේ ගැටුම තවත් තීව්‍ර වීමෙන් ගෝලීය බලශක්ති, පොහොර සහ කෘෂි-ආහාර පද්ධති සඳහා අවදානම වර්ධනය කර ඇතැයි ද තෙල්, වායු සහ පොහොර සඳහා අත්‍යවශ්‍ය මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය බාධාවන්ට ලක්වීමෙන් ලෝකය පුරා ශක්ති හා කෘෂිකාර්මික වියදම් ඉහළ ගොස් ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.

පොහොර හිඟය සහ බලශක්ති මිල ඉහළ යාම අස්වැන්නට තර්ජනයක් වන අතර විදේශ ආදායම් අඩුවීම සහ ජෛව ඉන්ධන නිෂ්පාදන කටයුතුවලට යොදාගැනීම ආහාර මිලවල අස්ථාවරතාවය වැඩි කළ හැකි යැයි ද එහි සඳහන් වේ.

මෙය විශේෂයෙන් අප්‍රිකාව, ආසියාව සහ ආනයන මත පදනම් වූ රටවලට බලපාන බව පවසන ආහාර හා කෘෂිකර්ම සංවිධානය  මේ නිසා සැපයුම් දාම ස්ථාවර කිරීමට වහාම ක්‍රියාමාර්ග අවශ්‍ය වන බව අවධාරණය කරයි.

ඒ සඳහා විකල්ප වෙළඳ මාර්ග සංවර්ධනය, වෙළඳපොළ නිරීක්ෂණය ශක්තිමත් කිරීම, ගොවීන්ට ආර්ථික සහාය ලබා දීම සහ අවදානම් රටවලට ඉලක්කගත ආධාර සැපයීම වැදගත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

තවද දිගුකාලීන උපායමාර්ග ලෙස දේශීය කෘෂිකර්මය, තිරසාර පොහොර නිෂ්පාදනය, නවීන ශක්ති සහ ව්‍යුහමය වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් ගෝලීය ශක්ති සහ ආහාර ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය යැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.

(සටහන | ගිම්හාන් ද සිල්වා) 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...