මෙම මිල සංශෝධනය ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමටද ඒ අනුව තීරණය කර ඇති බව දැනගන්නට ලැබේ.
විශේෂයෙන් ම මැද පෙරදිග යුද්ධයත් සමග දිනෙන් දින බොහෝ රටවල ඉන්ධන මිල ඉහළ යන අතර ලංකාවට ද එය සෘජුව බලපා ඇති අතර ඒ අනුව ලංකාවේ ද ඉන්ධන මිල ඉතා කඩිනමින් දෙන කිහිපයක් තුළ ඉහළ යනු ඇතැයි දැනගන්නට ලැබේ.
එමෙන් ම, ඇඩ්වකාටා වැනි සංවිධාන, එමෙන් ම ආර්ථික විශ්ලේෂකයින් පසුගිය දින කිහිපය පුරා ඉන්ධන මිල ඉහළ දමන ලෙස රජයට යෝජනා කිරීම ද දක්නට ලැබිණි.
නැව්, රක්ෂණ ගාස්තු වැඩිවීම මත කම්පනයක් රටට ඇතිවන අතර එහි බලපෑම දැනට රටට ඔරොත්තු දෙන බවට රජය ප්‍රකාශ කර ඇතත් මැද පෙරදිග යුද ගැටුම දිනෙන් දින තීව්‍ර වීමෙන් අත්‍යවශ්‍ය සේවා බිඳවැටීමට ද ඉඩ ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙති.
ඉන්ධන මිල සම්බන්ධ ස්ථාවරය පැහැදිලි කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ද පාර්ලිමේන්තුවේදී දැක්වූයේ මෙවැනි අදහසකි.
” අපිට ඊළග තෙල් මිල ගැනත් කල්පනා කරන්න වෙනවා. ඒ තිරණය ඉතා ඉක්මණින් ගන්න වෙනවා. මොකද පෞද්ගලික සමාගම් දැන් තමන්ගේ ඕඩර්ස්වලට තෙල් දෙන්නේ නැහැ. මොකද ඔවුන් පාඩු ලබන්න සූදානම් නැහැ. තෙල් සංස්ථාවට පාඩු ලබන්න පුළුවන්. අපි බිලියන අටසිය ගණනක පාඩු ලබලා අත්දැකීම් තිබෙනවා. ඒ නිසා මිල පිළිබදව අපි තීරණයක් ගත යුතුයි. එතනදී තමයි QR කේතය වැදගත් වෙන්නේ. ඒක අප්‍රේල් 01වන දා වන විට ක්‍රියාත්මක නොවුණා නම් මාර්තු 27,28 ව න විට ෂෙඩ්වල මිනිස්සු ගහ ගන්නවා. ඒ නිසා අපි QR කේතය ක්‍රියාත්මක කිරිම ආරම්භ කළා. ඒක ආරම්භ කළේ ෂෙඩ් වහලා නෙවෙයි. ඉන්ධන සැපයුම නවත්තලා නෙවෙයි.”
( mawbima | Anuradha Herath)





