The Leader News
BREAKING
Top Ad
පුවත්

උපවාසයකින් දිවිදුන් පූපති අම්මා මලින් ගඳින් සැමරේ

T

The Leader Desk

March 22, 2026 • 4:27 AM

උපවාසයකින් දිවිදුන් පූපති අම්මා මලින් ගඳින් සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “අන්නෙයි පූපති” (පූපති අම්මා) නාමයෙන් ගෞරවාදරයෙන් අමතනු ලබන දස දරු මාතාවක් වන කනපතිපිල්ලේ පූපති, 1988 මාර්තු 19 වැනිදා මාරාන්තික උපවාසයක් ඇරඹුවා ය.
  • ඒ එදා ඉන්දීය සාම සාධක හමුදාව විසින් ශ්‍රී ලංකාව තුළ ගෙන යන ලද මානව හිමිකම් උල්ලංඝණ හා සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව, එම හමුදාව මේ බිමෙන් පිටමං කරන ලෙස ඉල්ලා සිටිමිනි.
  • එදින සිට දින 32 ක් පුරා නිරාහාරව සිටිමින් තම ඉල්ලීම වෙනුවෙන් ඇය ගෙන ගිය උපවාසය නිමා වුයේ ජීවිතයට සමු දෙමිනි.
  • අවිහිංසාවාදී ලෙස තම ජනතාව වෙනුවෙන් ගෙනගිය සටනේ යුක්ති සහගත බවත්, පොදු යහපත පතා ඇය පෙන්නුම් කළ උතුම් පරිත්‍යාගයත් වෙනුවෙන් ජනතා උපහාරය වූයේ පොදු මාතෘත්වයක් ඇයට පුද කරමින් කරමින් “පූපති අම්මා” ලෙස අමතනු ලැබීම යි.
අකුරු ප්‍රමාණය (Font Size):


පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මඩකලපුවේ නාවලඩි ග්‍රාමයේ ඉදිකරතිබෙන පූපති මෑණියන්ගේ ස්මාරකය අසලදී මාර්තු 19 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා පසුගිය ජනාධිපතිවරණයේ උතුරේ ස්වාධීන පොදු අපේක්ෂකයා වු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්ගේ ප්‍රධානත්වයෙන් මලින් පහනින් හා සුවඳ දුමින් උපහාර දක්වා පූපති මෑණියන් වෙනුවෙන් අනුස්මරණ පැවැති බවයි.

 

pp05
“අන්නෙයි පූපති” (පූපති අම්මා) නාමයෙන් ගෞරවාදරයෙන් අමතනු ලබන දස දරු මාතාවක් වන කනපතිපිල්ලේ පූපති, 1988 මාර්තු 19 වැනිදා මාරාන්තික උපවාසයක් ඇරඹුවා ය.

ඒ එදා ඉන්දීය සාම සාධක හමුදාව විසින් ශ්‍රී ලංකාව තුළ ගෙන යන ලද මානව හිමිකම් උල්ලංඝණ හා සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව, එම හමුදාව මේ බිමෙන් පිටමං කරන ලෙස ඉල්ලා සිටිමිනි.

එදින සිට දින 32 ක් පුරා නිරාහාරව සිටිමින් තම ඉල්ලීම වෙනුවෙන් ඇය ගෙන ගිය  උපවාසය නිමා වුයේ ජීවිතයට සමු දෙමිනි. ඇය අත අවි නොවීය. ඉල්ලා සිටියේ නිදහස පමණි.

pp01
අවිහිංසාවාදී ලෙස තම ජනතාව වෙනුවෙන් ගෙනගිය සටනේ යුක්ති සහගත බවත්, පොදු යහපත පතා ඇය පෙන්නුම් කළ උතුම් පරිත්‍යාගයත් වෙනුවෙන් ජනතා උපහාරය වූයේ පොදු මාතෘත්වයක් ඇයට පුද කරමින් කරමින් “පූපති අම්මා” ලෙස අමතනු ලැබීම යි.

මියගිය අය සිහිකිරීම හා ඔවුන් වෙනුවෙන් යාඥා කිරීම, ඔවුන්ගේ මරණ අනුස්මරණයේදී දී ඔවුන්ට වැඳුම් පිඳුම් කිරීම හින්දු සම්ප්‍රදායයේ ඉතා වැදගත් චාරිත්‍රයක් ලෙස සැලකේ.

 pp04
 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

උපවාසයකින් දිවිදුන් පූපති අම්මා මලින් ගඳින් සැමරේ | The Leader