The Leader News
BREAKING
Top Ad
පුවත්

යාපනය සරසවියේ කළු කොඩි එසැවූ උපාධි අපේක්ෂකයන්ට පැය පහක් පොලිසියෙන් ප්‍රශ්න

T

The Leader Desk

March 22, 2026 • 4:44 AM

යාපනය සරසවියේ කළු කොඩි එසැවූ උපාධි අපේක්ෂකයන්ට පැය පහක් පොලිසියෙන් ප්‍රශ්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිසුන් තිදෙනා පොලීසියට කැදවීම හෙළා දකිමින් 2026 මාර්තු 19 වැනිදා පන්ති වර්ජනය කර යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණ කිරීමට දෙමළ සිසුන් ක්‍රියා කර තිබුනේ ‘අරගල කරන සිසුන්ට තර්ජන කරන්න එපා, යුක්තිය වෙනුවෙන් කරන උද්ඝෝෂණ නවතින්නේ නැහැ.’ ආදී සටන් පාඨ ප්‍රදර්ශනය කරමිනි.
  • අබේසේක් යන සිසුන් තිදෙනාට 2026 මාර්තු 16 වැනිදා උදේ 9.30 ට එම කාර්යාංශයට පැමිණෙන ලෙස ලිඛිතව දැනුම් දී තිබුනි.
  • පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සිසුන් තිදෙනාට එම ලිපිය ලැබී ඇත්තේ 2026 මාර්තු 17 වැනිදා බවයි.
  • ඒ අනුව ඔවුන් ප්‍රකාශ ලබා දීම සදහා මාර්තු 19 වැනිදා පැමිණිය හැකි බව යාපනය මුලස්ථාන පොලීසියේ පිහිටි කොට්ඨාස අපරාද විමර්ශන කාර්යාංශයට දැනුම් දී ඇති අතර පොලීසිය එම ඉල්ලීම අනුමත කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


සිසුන් තිදෙනා පොලීසියට කැදවීම හෙළා දකිමින් 2026 මාර්තු 19 වැනිදා පන්ති වර්ජනය කර යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණ කිරීමට දෙමළ සිසුන් ක්‍රියා කර තිබුනේ ‘අරගල කරන සිසුන්ට තර්ජන කරන්න එපා, යුක්තිය වෙනුවෙන් කරන උද්ඝෝෂණ නවතින්නේ නැහැ.’ ආදී සටන් පාඨ ප්‍රදර්ශනය කරමිනි.

101
ජාතික නිදහස් දිනය වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ඔසවා තැබු ජාතික කොඩිය බිමට බා කළු පැහැති කොඩියක් එසවීම සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියෝග හා යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ නියෝග සහ උපදෙස් අනුව යාපනය මුලස්ථාන පොලීසියේ පිහිටි කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ සිදු කරනු ලබන විමර්ශනයක් සදහා ප්‍රකාශ සටහන් කර ගැනීමට ධර්මලිංගම් දජුර්ෂන්, දයාබරන් ලජීදරන්, ඒ. අබේසේක් යන සිසුන් තිදෙනාට 2026 මාර්තු 16 වැනිදා උදේ 9.30 ට එම කාර්යාංශයට පැමිණෙන ලෙස ලිඛිතව දැනුම් දී තිබුනි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සිසුන් තිදෙනාට එම ලිපිය ලැබී ඇත්තේ 2026 මාර්තු 17 වැනිදා බවයි.

ඒ අනුව ඔවුන් ප්‍රකාශ ලබා දීම සදහා මාර්තු 19 වැනිදා පැමිණිය හැකි බව යාපනය මුලස්ථාන පොලීසියේ පිහිටි කොට්ඨාස අපරාද විමර්ශන කාර්යාංශයට දැනුම් දී ඇති අතර පොලීසිය එම ඉල්ලීම අනුමත කර තිබේ.

 

104
ප්‍රකාශ ලබා දීම සදහා සිසුන් තිදෙනා පොලීසියට යන අවස්ථාවේ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් ද ඊට එක්ව සිටි අතර ඔහු මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ එදින පැය පහකට ආසන්න කාලයක් පොලීසිය සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් අතර අවශ්‍ය වූවහොත් නැවත දිනයකදී කැදවීම් කරන බවත් දැනුම් දුන් බවයි.

මෙවර නිදහස් දිනයත් කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් 2026 පෙබරවාරි 4 වැනිදා කිලිනොච්චියේ සහ මඩකලපුවේදී විරෝධතා දියත් කළ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ට යාපනය විශ්වවිද්‍යාලයේ සරසවි සිසුන් සිය සහයෝගය පළ කර තිබුනි.


102

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යාපනය සරසවියේ කළු කොඩි එසැවූ උපාධි අපේක්ෂකයන්ට පැය පහක් පොලිසියෙන් ප්‍රශ්න | The Leader