The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉදිරියට රෑට විදුලිය එන්නේ ඩීසල්වලින් ! - එක ලයිට් එකක් හරි නිවා සහය දෙන්න...

T

The Leader Desk

March 22, 2026 • 8:22 AM

ඉදිරියට රෑට විදුලිය එන්නේ ඩීසල්වලින් ! - එක ලයිට් එකක් හරි නිවා සහය දෙන්න...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු එබව කියා සිටියේ කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.
  • "එළැඹෙන මාර්තු 24, 25 බොරතෙල් නැව එන්නේ නැතිවුණම පිරිපහදු කරන්න වෙන්නේ ලබන මේ මාසේ 25 වෙනකම් විතරයි.
  • දැවිතෙල් නැවක් එනවා ලබන 12,13.
  • ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට - අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස, ඩීසල් මෙ.ටො.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු එබව කියා සිටියේ කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

"එළැඹෙන මාර්තු 24, 25 බොරතෙල් නැව එන්නේ නැතිවුණම පිරිපහදු කරන්න වෙන්නේ ලබන මේ මාසේ 25 වෙනකම් විතරයි. ඒ හේතුවෙන් අපට දැවිතෙල් සහ නැප්තා නැතිවෙනවා. ඒ දෙකම භාවිතා කරන්නේ විදුලිය සඳහා. ඒක බරපතළ ගැටලුවක්.

දැවිතෙල් නැවක් එනවා ලබන 12,13. නමුත් නැප්තා එන්නේ නෑ. ඒ වෙනුවට ඩීසල් ගන්න වෙනවා. මේ අර්බුදය නිසා මින් ඉදිරියට රෑට විදුලිය එන්නේ ඩීසල්වලින්.

මේක හරියට තේරීම් අරන් එක ලයිට් එකක් හරි නිවලා, පාරවල්වල ලයිට් ටිකත් නිවලා සහයෝගය දෙන්න. එසේ වුණොත් අපට තවදුරටත් ඉස්සරහට යන්න පුළුවන්.

ජනතාවට කැපකිරීම කරන්න සිද්ධ වෙනවා"යැයි සභාපති ඩී.ජේ. රාජකරුණා පැවසීය.

ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට - අමාත්‍ය නලින්ද ජයතිස්ස

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස, ඩීසල් මෙ.ටො. 37,000ක් රැගත් නෞකාවක් එළැඹෙන මාර්තු 25වනදා දිවයිනට ළඟවීමට නියමිත බව කියා සිටියේය.

"මාර්තු 7,8 දිනවල පෙට්‍රල් මෙ.ටො. 37,000ක නැවක් ලංකාවට ගෙන්වා ගත්තා. ලෝක වෙළෙඳපොලේ මිල ගණනන් වැඩිවීම මේකට ඇතුළත් වෙලා තියෙනවා.

ඒ වගේම මාර්තු 25වනදා ඩීසල් මෙ.ටො. 37,000ක නැවක් පැමිණීමට නියමිතයි" යැයි ද ඔහු පැවසීය.

මාර්තු 17 වෙනිදා යොමුකළ ටෙන්ඩරයට අනුව මෙරටට ගෙන්වා ගැනීමට නියමිත ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳව අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වීය.

* අප්‍රේල් 6,7,8 - ඩීසල් මෙක්ට්‍රින් ටොන් 37,000ක නැව් දෙකක්
* අප්‍රේල් 12 සහ 13 - දැවි තෙල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්
* අප්‍රේල් 10 සහ 11 - ජෙට් A1 මෙක්ට්‍රින් ටොන් 35,000
* අප්‍රේල් 16 සහ 17 - පෙට්‍රල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්

අප්‍රේල් මාසයට නියමිත මෙක්ට්‍රින් ටොන් 30,000 බොරතෙල් නැව පැමිණෙන්නේ නැති අතර, ඒ වෙනුවට ජූනි මාසයේ දී මෙක්ට්‍රික්  ටොන් 30,000ක බොරතෙල් නෞකාවක් පැමිණීමට නියමිතයි.

| තෙල් මිල ඉහළ දැමීමෙන් පසුවත් ඉන්ධනවලින් රජයට තවමත් රු.බිලියන 20ක් පාඩුයි

ඊයේ (21) සිදුකළ ඉන්ධන මිල වැඩිකිරීම තුළ ඩීසල් ලීටරයකට රු 100ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රු 20ක් රජය විසින් දරාගෙන ඇති බවත්, ඒ වෙනුවෙන් මාසයකට රුපියල් බිලියන 20ක් රජය දරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

රජයට මෙම බර සම්පූර්ණයෙන්ම දැරීමට සිදුවන්නේ නම් වසරකට රජයට ඩොලර් බිලියන 1.5ක අමතර වැය බරක් දැරීමට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේ සිදුවුවහොත් තෙල්වලට පමණක් නොව සමස්ත ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද අමාත්‍යවරයා කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“යුද්ධය ගැන කිසිවෙකුට පුරෝකථනය කළ නොහැකියි. ඇමෙරිකාවට, ඊශ්‍රායලයට, ඉරානයට හෝ තදාසන්න රටවලට යුද්ධය අවසන් වෙන්නේ සතියකින්ද දෙකකින්ද කියන්න පුළුවන් කමක් නෑ. අපේ අපේක්ෂාව යුද්ධය හැකි ඉක්මනින් අවසන් වේවා යන්නයි. යුද්ධය හෙට අවසන් වුවත් විශේෂයෙන් ආර්ථිකයට, තෙල් නිෂ්පාදනයට, යටිතල පහසුකම්වලට එල්ල වෙලා තියෙන බලපෑම අනුව, අපේ ආර්ථිකයට යුද්ධයෙන් වෙන බලපෑම එක රැයෙන් එක මොහොතින් අවසන් වෙන්නේ නෑ. එය අප මතක තබා ගතයුතුයි.”

නිසැක වශයෙන්ම අප රටක් ලෙස ඉන්ධන පරිභෝජනය අවම කළ යුතු බවත්, එයට පිළියමක් ලෙස QR කේතය හඳුන්වා දුන් බවද පැවසු අමාත්‍යවරයා, ගතවූ දින කිහිපය තුළ පුද්ගලයින් 5,995,365ක් ලියාපදිංචි වී ඇති බවද පැවසීය.

මෙයින් නව ලියාපදිංචිවීම් මිලියන දෙකක් වාර්තා වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද දින සිට වාහන සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කළද  සියලුදෙනා සවිඥානිකව මේ ලෙස සිතාබලා කටයුතු කළ යුතුව ඇති බවත්, රජය මේ සම්බන්ධයෙන් ආදර්ශය ලබාදෙමින් බලශක්ති පරිභෝජනය අවම කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම්දුන් බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

විදුලි බිල වැඩිවීමේ තීරණය අප්‍රේල් 1

විදුලි බිල වැඩිවීමේ තීරණය අප්‍රේල් 1 වැනිදා මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින් ද ජයතිස්ස මෙම මාධ්‍ය හමුවේදී පැවසිය.

විදුලි මිල වැඩිකිරීම පිළිබඳ තීන්දුව දැන් තිබෙන්නේ මහජන උපයෝගීතා කොමිසම අතේ බවද නලින්ද ජයතිස්ස කීය.

"විදුලි බල මණ්ඩලය පසුගිය දෙසැම්බරයේ සහ ජනවාරියේ ගණනය කර  පෙබරවාරි පළමු සතියේ දී මහජන උපයෝගීතා කොමිසමට සියයට 13ක විදුලි වැඩිවීමක් අවශ්‍ය යැයි ඉල්ලීමක් කළා.එම ගණනය කිරීම් කරද්දී මෙවැනි ලෝක තත්වයක් නිර්මාණය වී තිබුණේ නැහැ. ඉල්ලීම දැන් තිබෙන්නේ මහජන උපයෝගීතා කොමිසම ඉදිරියේ. ඒ අනුව අප්‍රේල් 1 වැනිදා වන විට විදුලි බිල වැඩිවීම පිළිබඳ තීන්දුවක් මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කරාවි යනුවෙන්ද අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...