The Leader News
BREAKING
Top Ad
පුවත්

රජයේ ඉන්ධන මිල සූත්‍රයට පාර්ලිමේන්තු මුදල් කමිටු සභාපතිගෙන් දැඩි ප්‍රහාරයක් !!!

T

The Leader Desk

March 23, 2026 • 4:40 AM

රජයේ ඉන්ධන මිල සූත්‍රයට පාර්ලිමේන්තු මුදල් කමිටු සභාපතිගෙන් දැඩි ප්‍රහාරයක් !!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුව ඉන්ධන මිල ගණනයේදී අසත්‍ය සංඛ්‍යා මත පදනම් වෙමින්ඉන්ධන මිල විශාල ලෙස වැඩිකර ඇති බවයි.
  • මිල සූත්‍රය ගණනයේදී සිංගප්පූරු මිල මත පදනම්ව ශ්‍රී ලංකාවේ තෙල් මිල ගණන් සකස් කරන ලද බව රජය සඳහන් කරන වග පවසන ආචාර්ය හර්ෂ ද සිල්වා එසේවුවද සිංගප්පූරුවේ සැබෑ ඉන්ධන මිල ගණන් සඟවා වැඩි මිලක් පෙන්වමින් තෙල් මිල ඉහළ දැමූ බවට චෝදනා කරයි.
  • ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ සිංගප්පූරුවේ පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 130 ක් සහ ඩීසල් බැරලයක මිල ඩොලර් 180ක් බවය.
  • එම මිල මත පදනම්ව ලංකාවේ ඉන්ධන මිල සූත්‍රය සකස් කර ඇති වග ආණ්ඩුව කියා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුව ඉන්ධන මිල ගණනයේදී අසත්‍ය සංඛ්‍යා මත පදනම් වෙමින්ඉන්ධන මිල විශාල ලෙස
වැඩිකර ඇති බවයි.

මිල සූත්‍රය ගණනයේදී සිංගප්පූරු මිල මත පදනම්ව ශ්‍රී ලංකාවේ තෙල් මිල ගණන් සකස් කරන ලද බව රජය සඳහන් කරන වග පවසන ආචාර්ය හර්ෂ ද සිල්වා එසේවුවද සිංගප්පූරුවේ සැබෑ ඉන්ධන මිල ගණන් සඟවා වැඩි මිලක් පෙන්වමින් තෙල් මිල ඉහළ දැමූ බවට චෝදනා කරයි.

ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ සිංගප්පූරුවේ පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 130 ක් සහ ඩීසල් බැරලයක මිල ඩොලර් 180ක් බවය. එම මිල මත පදනම්ව ලංකාවේ ඉන්ධන මිල සූත්‍රය සකස් කර ඇති වග ආණ්ඩුව කියා තිබේ. නමුත් ආණ්ඩුව තෙල් මිලදී ගන්නේ ඊට වඩා සෑහෙන තරම් අඩු මිලට බව පවසන ආචාර්ය සිල්වා,  මිල ගණනයේදී සැබෑ ගොඩබෑමේ පිරිවැය විකෘති කර ඇතැයි චෝදනා කර සිටියි.

ඒ අතර රජය ප්‍රකාශ කරන්නේ මිල වැඩි කිරීමෙන් පසුවද ආණ්ඩුව පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20/= ක් සහ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100/=සහනාධාරයක් යක් ලබා දෙන බවයි. නමුත් රජය මිල ගණනයේදී පදනම් කරගත් තොරතුරු සත්‍ය නොවන බැවින් රජය කියන එම සහන මන:කල්පිත එකක් බවද මුදල් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් තමා වෙත ලැබුණු සැබෑ සංඛ්‍යා දත්තද ම මන්ත්‍රීවරයා විසින් සිය සටහනට යා කොට ඇත.

එම දත්ත පහත සඳහන්ය.
IMG 20260323 WA0000
c5y45

| lankalokaya

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රජයේ ඉන්ධන මිල සූත්‍රයට පාර්ලිමේන්තු මුදල් කමිටු සභාපතිගෙන් දැඩි ප්‍රහාරයක් !!! | The Leader