The Leader News
BREAKING
Top Ad
පුවත්

හම්බන්තොට සූර්ය බලශක්ති ව්‍යාපෘති භූමියක ගිනි තැබීමක් ! - පොලිස් විමර්ශන ඇරඹේ

T

The Leader Desk

March 23, 2026 • 4:52 AM

හම්බන්තොට සූර්ය බලශක්ති ව්‍යාපෘති භූමියක ගිනි තැබීමක් ! - පොලිස් විමර්ශන ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිසියම් පිරිසක් මෙම ව්‍යාපෘතියට එරෙහිව පවත්වනු ලබන විරෝධතා ව්‍යාපාරයක කොටසක් ලෙස සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා අවශ්‍ය දර්ශන ලබා ගැනීම සඳහා මෙලෙස ව්‍යාපෘති භූමියේ ගස්වලට ගිනි තබා විනාශ කර ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
  • මෙම ගිනිතැබීම සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය විමර්ශන කටයුතු ආරම්භකර ඇති අතර 'පරිසර සංවිධානයක' කිහිපදෙනෙකු මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව පිටුපස සිටින බවට අනාවරණය කරගෙන ඇතැයි ද පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කිසියම් පිරිසක් මෙම ව්‍යාපෘතියට එරෙහිව පවත්වනු ලබන විරෝධතා ව්‍යාපාරයක කොටසක් ලෙස සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා අවශ්‍ය දර්ශන ලබා ගැනීම සඳහා මෙලෙස ව්‍යාපෘති භූමියේ ගස්වලට ගිනි තබා විනාශ කර ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

තමන්ට අයත් පෞද්ගලික දේපළකට අනවසරයෙන් ඇතුළුවීම සහ දේපළ හානි කිරීම සම්බන්ධයෙන් මෙන්ම, අදාළ ගිනි තැබීම ව්‍යාපෘති සමාගම විසින්ම සිදු කළ බව පවසමින් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් දියත් කර සමාගමේ කීර්තිනාමයට හානි කිරීම පිළිබඳව ද වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස සමාගම මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.

ගෝලීය වශයෙන් දරුණු බලශක්ති අර්බුදයක් පවතින පසුබිමක සහ විශේෂයෙන්ම ආනයනික ඉන්ධන මත යැපීම හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික පීඩාවකට ලක්ව සිටින මෙවැනි සමයක, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට එරෙහිව මෙලෙස කඩාකප්පල්කාරී ක්‍රියා කිරීම පිළිබඳව ප්‍රදේශ වාසීන්ගේ ද දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තාවේ.

මෙම ගිනිතැබීම සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය විමර්ශන කටයුතු ආරම්භකර ඇති අතර 'පරිසර සංවිධානයක' කිහිපදෙනෙකු මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව පිටුපස සිටින බවට අනාවරණය කරගෙන ඇතැයි ද පැවසේ.

 WhatsApp Image 2026 03 23 at 10.02.40 AM

 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...