The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් - ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

T

The Leader Desk

March 23, 2026 • 9:48 AM

ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් - ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තානාපති ඩෙල්කොෂ් එසේ ප්‍රකාශ කළේ තානාපති නිල නිවසේ පැවැති විශේෂ ප්‍රවෘත්ති මාධ්‍ය හමුවකදීය.
  • හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය සිය මිත්‍ර රටවලට වසා දමා නොමැති බවද අලිරේසා ඩෙල්කෝෂ් මෙහිදී අවධාරණය කළේය.
  • ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට තම රටට අවශ්‍යතාවයක් නොමැති බවත්, ශ්‍රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක් වන බවද ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් තව දුරටත් පැවසීය.
  • එමෙන්ම පසුගිය දා අමෙරිකානු සම්මැරීනයක් මඟින් එල්ලකළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරානයේ 'IRIS Dena' යුද නෞකාවේ සිටි පිරිස මුදාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ඉරාන ඉල්ලීමක් කිරීමට පළමුව බවද පැවසු අලිරේසා ඩෙල්කෝෂ්, ශ්‍රී ලංකාව විසින් සිදුකළ එම උපකාරය ද මෙහිදී සිහිපත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


තානාපති ඩෙල්කොෂ් එසේ ප්‍රකාශ කළේ තානාපති නිල නිවසේ පැවැති විශේෂ ප්‍රවෘත්ති මාධ්‍ය හමුවකදීය.

හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය සිය මිත්‍ර රටවලට වසා දමා නොමැති බවද අලිරේසා ඩෙල්කෝෂ් මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට තම රටට අවශ්‍යතාවයක් නොමැති බවත්, ශ්‍රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක් වන බවද ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් තව දුරටත් පැවසීය.

එමෙන්ම පසුගිය දා අමෙරිකානු සම්මැරීනයක් මඟින් එල්ලකළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරානයේ 'IRIS Dena' යුද නෞකාවේ සිටි පිරිස මුදාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ඉරාන ඉල්ලීමක් කිරීමට පළමුව බවද පැවසු අලිරේසා ඩෙල්කෝෂ්, ශ්‍රී ලංකාව විසින් සිදුකළ එම උපකාරය ද මෙහිදී සිහිපත් කළේය.

 

අයිරිස් ඩෙනා සහ අනෙකුත් නෞකා දෙක මෙරටට පැමිණෙමින් තිබුණේ ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා, ඉරාන නාවික හමුදාපතිවරයාට නිල වශයෙන් කළ ආරාධනාවක් මත බවද තානාපතිවරයා ප්‍රකාශ කළේය.

 

මේ අතර ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉරාන රජය සුදානම් බවද ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ්  වැඩිදුරටත් පැවසීය.

ඉරානය තුළ පදිංචිව සිටින විදේශිකයන් ආරක්ෂා කිරීම සඳහා පුළුල් යටිතල පහසුකම් ස්ථාපිත කර ඇති බවත් තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. අද වන විට ඔවුන්ට බලපාන කිසිදු ගැටලුවක් වාර්තා වී නොමැති බවත්, ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ඔහු අවධාරණය කළේය.

ඔහු තවදුරටත් පවසා සිටියේ, “ඔවුන් තම රටවලට ආපසු යාමට කැමති නම්, තුර්කිය වැනි අසල්වැසි රටවල් හරහා ඔවුන්ගේ ගමන් පහසුකම් සැලසිය හැකියි” යනුවෙනි.

 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...