The Leader News
BREAKING
Top Ad
පුවත්

පිසින තෙල් සදහා ආනයන තීරු බදු සංශෝධනය වේ

T

The Leader Desk

March 23, 2026 • 3:13 PM

පිසින තෙල් සදහා ආනයන තීරු බදු සංශෝධනය වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනස් කිරීමට කටයුතු කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
  • එහෙත් පසුගිය අයවැය ලේඛනය මගින් මුදල් ඇමතිවරයා යෝජනා කළේ 2026 අප්‍රෙල් 01 සිට සාමාන්‍ය බදු ක්‍රමය යටතේ ආනයනය බදු ගණනය කරන බවයි.
  • නව බදු අනුපාත යටතේ රජය විසින් අය කරන බදු ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ යා හැකි බව විශ්වාස කරන අතර පවතින වාතාවරණය යටතේ පිසින තෙල් මිල විශාල වශයෙන් ඉහළ යා හැකිය.
  • ශ්‍රී ලංකාවට බොර ෆාම් තෙල් සහ 100% ක් පිරිපහදු කරන ලද ෆාම් තෙල්, ආනයනය තහනම් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙනස් කිරීමට කටයුතු කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වසර පහක පමණ කාලයක් රට තුළ ක්‍රියාත්මක වූයේ විශේෂ භාණ්ඩ බද්ධ ( special commodity leave) යටතේ පාර්ලිමේන්තුව විසින් නියම කරන ලද බදු ප්‍රමාණයක් ආනයනය පිරිවැයට එකතු කිරීමයි.

එනම් ආනයන මිල CIF+විශේෂ භාණ්ඩ බද්ධ වශයෙනි.

එහෙත් පසුගිය අයවැය ලේඛනය මගින් මුදල් ඇමතිවරයා යෝජනා කළේ 2026 අප්‍රෙල් 01 සිට  සාමාන්‍ය බදු ක්‍රමය යටතේ ආනයනය බදු ගණනය කරන බවයි.

ඒ අනුව ආනයන කරන පාම් තෙල්, පොල්තෙල් ඇතුළු නිශ්පාදන සදහා බදු වශයෙන් ආනයන මිල +සෙස් බද්ධ + නියමකරන තීරු බදු (%) +වැට් බද්ද + සමාජ ආරක්ෂන බද්ද වශයෙන් එකතු වූ අගයන් ගණනය කරනු ලබයි  

ශ්‍රී ලංකාවට මේ වන විට බොර පාම් තෙල්, පිරිපහදු කරන සහ නොකරන පොල්තෙල්, සන්ෆ්ලවර් තෙල්, ෆාම් කර්නල් තෙල්, සෝයා තෙල් යන වර්ග ආනයනය කරයි.


නව බදු අනුපාත යටතේ රජය විසින් අය කරන බදු ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ යා හැකි බව විශ්වාස කරන අතර පවතින වාතාවරණය යටතේ පිසින තෙල් මිල විශාල වශයෙන් ඉහළ යා  හැකිය.


ශ්‍රී ලංකාවට බොර ෆාම් තෙල් සහ 100% ක් පිරිපහදු කරන ලද ෆාම් තෙල්, ආනයනය තහනම් කර ඇත.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පොල්තෙල් කර්මාන්තයට ආරක්ෂණයක් ලෙස පිරිපහදු කරන ලද (RBD Palm Olein) ගෙන්වීම තහනම් කර ඇත.

එහෙත් මෙම නව බදු ක්‍රමය යටතේ නැවතත් මෙරටට පිරිපහදු කරන තෙල් මහා පරිමාණයෙන් ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනමද ඉවත් කිරීමද විය හැකි බව කර්මාන්තයට සම්බන්ධ අය ප්‍රකාශ කරයි.

sena suriyapperuma(සටහන | සේන සූරියප්පෙරුම)
ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂක
sapsuriyapperuma@gmail.com
 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...