වන ජීවි දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව නෙත්මි හිරන්යා නමැති සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මෙම වරෙන්තුව නිකුත් කළාය.
වනජීවි දෙපාර්තමේන්තුවේ කොළඹ වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරීවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ආරක්ෂිත සත්වයකු ලෙස නම් කර ඇති පිඹුරෙකු කරේ දමාගෙන හිංසා කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ තැනැත්තිය සැකකාරියක ලෙස නම් කළ බවය. සැකකාරියට වනජීවී කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියෝග කොට ඇතත් සැකකාරිය එම ප්‍රකාශය ලබා දීම මග හරින බව ද පැවසීය.
'' කොළඹ කුරුඳුවත්ත රෝයෙල් මාස් එරීනා නමැති පරිශ්‍රයේ සිදු කරන ලදැයි කියන මෙම අවුරුදු උත්සවයේදී සැකකාරිය විසින් පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ නියැලී තිබෙනවා.'' යයි වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ අධිකරණය හමුවේ පැවසුහ.
වනජීවි වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙය දඩුවම් ලැබිය යුතු වරදක් බැවින් අදාළ සැකකාරියට කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට දන්වා ඇතත් මේ වනතෙක් ඊට ප්‍රතිචාර දක්වා නැහැ. එම නිසා සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කරන ලෙසත්, අදාළ තරඟය සංවිධානයක් කළ රූපලාවන්‍යය ශිල්පියාගෙන්ද ප්‍රකාශයක් ලබා ගත යුතු බවත් වැඩිදුරටත් පැවසූ වනජීවී නිලධාරීන් ඊට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ වරෙන්තු නියෝග නිකුත් කරමින් සැකකරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය. තරඟ සංවිධායක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහල නැමැති අයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටද අවසර ලබා දුන්නේය.





