The Leader News
BREAKING
Top Ad
පුවත්

පොහොර හරි වෙලාවට දෙන්න ඒකාබද්ධ වැඩ පිළිවෙලක්

T

The Leader Desk

March 24, 2026 • 3:29 PM

පොහොර හරි වෙලාවට දෙන්න ඒකාබද්ධ වැඩ පිළිවෙලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනපති අනුර කුමාර දිසානායක උපදෙස් දුන්නේය.
  • කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පොහොර ආනයන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ අද (24) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
  • රටේත්, ජනතාවගේත් ආහාර සුරක්ෂිතතාව රජය ඉහළම වැදගත්කමක් ලබා දී ඇති ප්‍රමුඛතාවක් බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
  • මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් සැපයුම් ජාලවලට එල්ල වී ඇති බාධා හමුවේ මෙවර යල කන්නයේ වී වගාව සහ අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළේ පවත්වාගෙන යාම සහ ඒ වෙනුවෙන් ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනපති අනුර කුමාර දිසානායක උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පොහොර ආනයන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ අද (24) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

රටේත්, ජනතාවගේත් ආහාර සුරක්ෂිතතාව රජය ඉහළම වැදගත්කමක් ලබා දී ඇති ප්‍රමුඛතාවක් බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් සැපයුම් ජාලවලට එල්ල වී ඇති බාධා හමුවේ මෙවර යල කන්නයේ වී වගාව සහ අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළේ  පවත්වාගෙන යාම සහ ඒ වෙනුවෙන් ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.


2026 යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ පහමාරක් අස්වැද්දීමට සැලසුම් කර තිබේ. වී වගාව සඳහා යූරියා මෙට්‍රික් ටොන් 83,000ක් සහ අනෙකුත් වගා සඳහා මෙට්‍රික් ටොන් 42,000ක් බැගින් යූරියා මෙට්‍රික් ටොන් 125,000ක් මෙවර යල කන්නය වෙනුවෙන් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර තිබේ.


යල කන්නය ආරම්භ වූ මාර්තු පළමුවන දා වන විට සමාගම් සතුව මෙට්‍රික් ටොන් 95,000ක් සහ බෙදාහරින්නන් සතුව මෙට්‍රික් ටොන් 7,000ක්ද ලෙසින් යූරියා මෙට්‍රික් ටොන් 102,000ක් පැවති නමුත්  පසුගිය සති දෙක තුනේ එයින් මෙට්‍රික් ටොන් 27,000ක් පමණ නිකුත් කර තිබෙන බවත්, ඒ අනුව  මාර්තු 17 වන දා වන විට සමාගම් සතුව ඉතිරිව ඇත්තේ යූරියා මෙට්‍රික් ටොන් 68,000ක් පමණක් බවත් මෙහිදී සඳහන් කෙරිණි.

පසුගිය වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී මෙම මාර්තු මාසයේදී නිකුත් කිරීමට නියමිතව තිබුණේ යූරියා මෙට්‍රික් ටොන් 11,000ක් පමණක් වුවද පොහොර හිඟයක් ඇති වනු ඇති බවට වූ මතයෙන් පොහොර තොග රැස් කිරීම නිසා මෙට්‍රික් ටොන් 27,000ක් අළෙවි වී තිබෙන බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

එමෙන්ම, තවත් යූරියා මෙට්‍රික් ටොන් 77,000ක් ඇනවුම් කර තිබූ බවත්, එයින් 37,000ක් මැදපෙරදිග රටවලින් පැමිණීමට නියමිතව තිබූ හෙයින්, ඒ පිළිබඳ අවිනිශ්චිතතාවක් පැවතියද, ඉතිරි මෙට්‍රික් ටොන් 40,000න් මෙට්‍රික් ටොන් 21,000ක් මෙම මාර්තු මස අගදී හෝ අප්‍රේල් මස මුලදී මෙරටට පැමිණීමට නියමිත බව තහවුරු කර තිබෙන බවද අනාවරණය විය.


අවශ්‍ය ඉතිරි පොහොර තොග ආනයනය කිරීමේ සැලසුම් මෙන්ම ඉදිරි මාස 3ක් සඳහා ප්‍රමාණවත් පොහොර සංචිත නිසි කළමනාකරණයකින් යුතුව පවත්වාගෙන යාම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා විය. එහිදී පොහොර සමාගම්වලින් ලබා හැකි දායකත්වය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලීය.


වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර අඛණ්ඩව සැපයීම රටේ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාමේදී වැදගත් සාධකයක් බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක, වී සහ එළවළු ආදී කෙටිකාලීන බෝගවලට එහිදී ප්‍රමුඛතාව ලබා දීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

පසුගිය සමයේ සමාගම්වලට අය විය යුතු ගෙවීම් නිසි පරිදි නොලැබීම නිසා මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී පොහොර සමාගම් නියෝජිතයන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, එම ගෙවීම් කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව, ඉදිරි මාස 03 සඳහා අවශ්‍ය පොහොර සංචිත වෙළෙඳපොළ තුළ පවත්වාගෙන යාම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට මෙහිදී පොහොර සමාගම් ජනාධිපතිවරයා වෙත එකඟතාව පළ කළහ.

එමෙන්ම, ඉදිරියේදී මෙවන් අර්බුදකාරී අවස්ථාවලට මුහුණ දිය හැකි අන්දමින් සැලසුම් සකස් කිරීමටත්, එහිදී රජය, පොහොර සමාගම් සහ ගොවි ජනතාව යන පාර්ශ්ව තුනෙහිම යම් කැප කිරීමක අවශ්‍යතාවත් ජනාධිපතිවරයා විසින් අවධාරණය කරන ලද අතර, ඒ සඳහා අදාළ සමාගම් නියෝජිතයන්ගේ සහයෝගය අගය කරන බව ප්‍රකාශ කරන ලදී.


ස්වාරක්ෂිත තොග පවත්වාගෙන යාම සඳහා කොළඹ නගරය ආශ්‍රිතව ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීම, පොහොර ආනයනය සඳහා ණය පහසුකම් සැපයීම ආදී පසුගිය ආහාර සුරක්ෂිතතා කමිටුව වෙත ඉදිරිපත් කෙරුණු යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.


කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ආර්. කේ. ඔබේසේකර, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පොළ සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්, පොහොර ආනයන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Fertilizer Meeting 9Fertilizer Meeting 4Fertilizer Meeting 8Fertilizer Meeting 7Fertilizer Meeting 6Fertilizer Meeting 5Fertilizer Meeting 3Fertilizer Meeting 2

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...