The Leader News
BREAKING
Top Ad
පුවත්

ඖෂධ මිල වැඩිවීමේ අවදානමක් !

T

The Leader Desk

March 25, 2026 • 3:38 AM

ඖෂධ මිල වැඩිවීමේ අවදානමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදේශ විනිමය අනුපාත ඉහළ යාම, නිෂ්පාදන වියදම්, ප්‍රවාහන සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම ආදී කාරණා සැලකිල්ලට ගෙන දැනට මිල පාලනයට යටත් කොට තිබෙන ඖෂධ වර්ග 60 හි මිල ගණන් සියයට හතකින්වත් ඉහළ නංවන ලෙස මෙම සමාගම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ලිපි යොමු කර ඇත.
  • ඖෂධ වර්ග හැටකට මිල පාලනයක් දමන විට ඇමරිකානු ඩොලරය රුපියල් 295 ට පැවැති බවත් ඊයේ (24 වැනිදා) වනවිට ඩොලරයේ අගය රුපියල් 317.5 දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඖෂධ ආනයනයේදී අමතර වියදමක් දැරීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ශාන්ත බණ්ඩාර තව දුරටත් පැවැසීය.
  • මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය හා අනෙකුත් ඖෂධ වර්ග 1800 ක් පමණ ආනයනය කරන අතර පවතින තත්ත්වය හමුවේ ඒවා ගෙන්වීමට යන පිරිවැය වැඩිවී ඇතැයිද ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.
  • මේ අතර දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයද සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඖෂධ මිල වැඩි කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


විදේශ විනිමය අනුපාත ඉහළ යාම, නිෂ්පාදන වියදම්, ප්‍රවාහන සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම ආදී කාරණා සැලකිල්ලට ගෙන දැනට මිල පාලනයට යටත් කොට තිබෙන ඖෂධ වර්ග 60 හි මිල ගණන් සියයට හතකින්වත් ඉහළ නංවන ලෙස මෙම සමාගම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ලිපි යොමු කර ඇත.

ඖෂධ වර්ග හැටකට මිල පාලනයක් දමන විට ඇමරිකානු ඩොලරය රුපියල් 295 ට පැවැති බවත් ඊයේ (24 වැනිදා) වනවිට ඩොලරයේ අගය රුපියල් 317.5 දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඖෂධ ආනයනයේදී අමතර වියදමක් දැරීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ශාන්ත බණ්ඩාර තව දුරටත් පැවැසීය.

ඒ අනුව දැනට පාලන මිලක් නියම කර තිබෙන ඖෂධ වර්ග හැටෙහි මිල ගණන් සියයට හතකින්වත් ඉහළ දැමිය යුතු තත්ත්වයක් ඇතිවී ඇතැයිද අනෙකුත් ඖෂධ වර්ග ගෙන්වීමේදී නිෂ්පාදන වියදම් ඉහළ යාම, නෞකා ගාස්තු, රක්ෂණ ගාස්තු හා ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ යාම නිසා ඖෂධ ආනයනික පිරිවැය වැඩිවී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය හා අනෙකුත් ඖෂධ වර්ග 1800 ක් පමණ ආනයනය කරන අතර පවතින තත්ත්වය හමුවේ ඒවා ගෙන්වීමට යන පිරිවැය වැඩිවී ඇතැයිද ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.

මේ අතර දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයද සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඖෂධ මිල වැඩි කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලා ඇත.

දේශීයව සකසන ඖෂධ බහාලන ඇසුරුම්වල සිට සියලුම අමුද්‍රව්‍යවල මිල ගණන් සහ නිෂ්පාදන පිරිවැය වැඩිවීම නිසා මිල වැඩි කිරීමට සිදුව ඇතැයිද දේශීය ඖෂධ නිෂ්පාදකයෝ කියා සිටිති.

දේශීයව ඖෂධ වර්ග 250 ක් පමණ නිපදවන බවද ඔවුහු කියා සිටිති. එම ඖෂධ නිෂ්පාදන සමාගම් දහතුනක් මෙරට ක්‍රියාත්මකය.


(aruna | ශිරාන් රණසිංහ)

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...