කෙසේවුවද ඔහුගේ අසනීප තත්වය විමසා බැලීම සඳහා පවුලේ සාමාජිකයින් විසින් අවසර ඉල්ලා ඇතත් ඊට අනුමැතියක් ලැබී නැතැයි සලේ වෙනුවෙන් පෙනීසිටින නීතිඥයකු පැවසිය.
එසේම ඔහු පිළිබඳව තොරතුරු සොයා බැලීමට නීතිඥයින්ට ද අවසර ලබාදී නොමැති බව එම නීතිඥයා වැඩි දුරටත් කියා සිටියේය.
“සුරේෂ් සලේට දාන චෝදනාව පට්ටපල් බොරුවක්” - ජනාධිපති නීතිඥ අලි සබ්‍රි
මේ අතර හිටපු විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම් යූ. එම් අලි සබ්‍රි පවසන්නේ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ පාස්කු ඉරු දින ප්‍රහාරයට සම්බන්ධ යැයි කිසිදු සාක්ෂියක් නොමැති බවයි.
“මේක පට්ටපල් බොරුවක්. ඔක්කොම විහිලුවක් කරගෙන තියෙන්නේ” යැයිද ඔහු සඳහන් කළේය.
අලි සබ්‍රි මහතා මෙසේද ප්‍රකාශ කළේය.
* මේ කරන වැඩ ගැන ලොකු දුකක් තියෙනවා
* ආපහු දේශපාලනයට එන්නේ නෑ
'' මේ පාස්කු විමර්ශනයට එක්තරා ආගමික නායකයෙක් එතුමගෙ සීමාව ඉක්මවලා අනවශ්‍ය විදිහට මැදිහත් වෙනවා. දැන් මේ විමර්ශන කරන්නෙ කවුද ශානි අබේසේකර. ඔහුට විරුද්ධව නඩු දාන්න කියලා අර කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ කරලා තියෙනවා.
පාස්කු ඉරුදින ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවන්න කරපු කුමන්ත්‍රණයක් කියලා කියනවනේ. ඒක මොන විහිළුවක්ද. 2018 පෙබරවාරි තිබ්බ පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණ අතිවිශාල ජයග්‍රහණයක් කළා. ඒ වෙද්දිම ආණ්ඩුවේ දිශානතිය තීරණය වෙලා ඉවරයි. එතකොට කවුරු හරි දිනවන්න මේ වගේ දේවල් කරන්න ඕනද. අලුතින් එක එක දේවල් කරන්න ඕනද. දෙවැනි කාරණය එහෙම ඕනකමක් තිබ්බත් මේ වගේ දේවල් කරන්න පුළුවන්ද.
මේවා ඇත්තටම මහා විහිළු. මට ලොකු දුකක් දැනෙනවා. මම ආපහු දේශපාලනයට එන්නේ නෑ. නීතිඥවරයෙකු විදියට රටේ ප්‍රශ්න වෙනුවෙන් දිගටම පෙනී සිටිනවා.''
(උපුටා ගැනීම් | lankalokaya.lk)





