The Leader News
BREAKING
Top Ad
පුවත්

හෙට උණුසුම අවධානය යොමු කළයුතු මට්ටමට

T

The Leader Desk

March 25, 2026 • 3:26 PM

හෙට උණුසුම අවධානය යොමු කළයුතු මට්ටමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ''අවධානය යොමු කළයුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
  • වියළි කාලගුණයත් සමඟ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර පවසයි.
  • මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, හැකි සෑම අවස්ථාවකදීම ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසයි.
  • පවතින වියළි කාලගුණය ඉදිරියටත් පැවතුනහොත් ජලය බෙදාහැරීම සීමා කිරීමට සිදුවන බව ද ඔහු පැවසිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ''අවධානය යොමු කළයුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (26) දිනය සඳහා වලංගු වන පරිදි, අද (25) පස්වරුවේ මෙම නිවේදනය නිකුත් කරන ලදි.
00020001
WhatsApp Image 2026 03 25 at 19.08.59

ජලය බෙදාහැරීම සීමා කිරීමට සිදුවන ලකුණු !

වියළි කාලගුණයත් සමඟ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, හැකි සෑම අවස්ථාවකදීම ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසයි.

පවතින වියළි කාලගුණය ඉදිරියටත් පැවතුනහොත් ජලය බෙදාහැරීම සීමා කිරීමට සිදුවන බව ද ඔහු පැවසිය.

"වියළි කාලගුණය සමඟ පාරිභෝගිකයාගේ පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් ජල පිරිපහදු මධ්‍යස්ථානවලට හැකියාව තියෙන්නේ යම් සීමාසහිත මට්ටමකට ජලය සපයන්න. අඹතලේ අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් ඝන මීටර් 560,000 දිනකට. එමෙන්ම ලඹුගම 150,000 දිනකට ඒක සීමා සහිතයි. ඊට වඩා නිපදවීමේ හැකියාවක් අපට නෑ. අපි උපරිම ධාරිතාවෙන් ජල නිෂ්පාදනය කරනවා බෙදාහැරීම් කරනවා ලංකාව පුරාම. ජනතාවගෙන් ඉල්ලන්නේ තවදුරටත් මෙම නියං කාලය වර්ධනය වුවහොත් ජල සම්පාදනය කිරීමේ යම් අපහසුතාවයක් තියෙන්න පුළුවන් දිනෙන් දින ඉහළ යන ඉල්ලුමත් එක්ක. "

"ජල පරිභෝජනය ඉතාමත්ම අරපරිස්සම් ඇතිව සිදුකරන්න. සීමා කරන්න කියන්නේ නෑ. පරිභෝජනයේ දී සහ නිවෙස්වල පරිහරණය කරද්දි යම් අරපිරිමැස්මක් ඇතිව කටයුතු කරන්න කියලා ඉල්ලන්නේ. ජලය අපතේ යන තැන් අවම කර ගන්න. එහෙම නැති වුනොත් යම් ප්‍රදේශවල උස්තැන්වලට සහ ඇතම් ජල නල වල අවසාන තැන්වලට පීඩනය අඩු වෙන්න පුළුවන්. අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන්න වෙන්න පුළුවන්. ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් යනවා. නියන් කාලේ ආවොත් ජලය ලබාදීම සීමා කරන්න වෙනවා."
 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...