ඔහු එබව කියා සිටියේ, ඒකාබද්ධ විපක්ෂය බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (25) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ය.
වත්මන් ආණ්ඩුව තවමත් මෙරට ස්ථාවරත්වය ලොවට ප්‍රකාශ කිරීමට අසමත්ව ඇති බවද ඔහු අවධාරණය කර සිටියේය.
ජනතා පීඩාවට හේතුව යුද්ධය පමණක් නොවේ !
ශ්‍රී ලාංකික ජනතාව වර්තමානයේ විදින අසාමාන්‍ය දුකට සහ පීඩනයට හේතුව යුද්ධය පමණක් නොවන බවත් ජනතා දුකට සහ පීඩනයට ආසන්නතම හේතුව වර්තමාන ආණ්ඩුවේ වංචාව සහ කළමනාකරණයක් නොමැතිවීම බවත් බවත් ජී. එල්. පීරිස් මෙහිදී පැවසීය.
මෙම සියලු ගැටලු සහ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ වංචාව බවත් මෙම තත්වය හමුවේ මෙරට ජනතාව පුදුමාකාරයේ දුකක් විදින අතර නැව් 10 කින් ආනයනය කළ ගල්අගුරු ගුණාත්මකභාවෙන් අඩු බාල ගල්අගුරු බවත් ඔහු කීය.
බාල ගල්අගුරුවලින් වූ එම පාඩුව මඟහැරවාගැනීමට ඩීසල් පාවිච්චි කිරීමට සිදුව ඇති බවත් එම ප්‍රමාණය ස්වල්ප ප්‍රමාණයක් නොව දිනකට ඩීසල් බැරල් ලක්‍ෂ 8 ක් පාවිච්චි කිරීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.
අවුරුදු සමයේ විදුලි කප්පාදුවක් !
මෙම තත්වය විදුලිබල කප්පාදුවට බලපාන අතර තෙල්පිරිපහදුව වසා දැමීමේ අවදානමක් ද ඇති බව කී මහාචාර්යවරයා, සිංහල අවුරුදු කාලය වන විට තෙල් පිරිපහදුව වසාදැමුව හොත් විදුලිබල කප්පාවක් කිරීමට අනිවාර්යෙන් සිදුවන බව කිසිදු සැකයකින් තොරව ප්‍රකාශ කළ හැකි බව ද සදඟන් කළේය.
දරාගැනීමට නොහැකි තරමකට ඉන්ධන මිල ඉහළ යෑම නිසා ජන ජීවිතයේ සියලුම ක්ෂේත්‍ර කඩා වැටෙන තත්වයක් මේ වන විට උදාවී ඇති බවත් ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය සිමෙන්ති ඇතුළු සියලුම ද්‍රව්‍ය දළ වශයෙන් සියයට 15 ක පමණ ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව සඳහන් කළ හිටපු ඇමතිවරයා, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 175 කින් වැඩි වූ බවත් කියා සිටියේය.
''බොරු කියා බලයගත් මාලිමාව බලය පත්වාගෙන යන්නත් බොරු කියනවා''
වර්තමාන ‘මාලිමා’ ආණ්ඩුව සම්පූර්ණයෙන් බොරු කියා බලය ලබාගත්තා මෙන්ම අද වන විට බලය රඳවාගැනීමට ද සම්පූර්ණ බොරුව පාවිච්චි කරන බව ද මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසිය.
ආනනයන මත පනවා ඇති සෙස් බද්ධ සහ වරාය, නැව් තොටුපොලවලට අයකරන බද්ධ අප්‍රේල් මස 1 වැනිදායන් පසුව ක්‍රමක් ක්‍රමයෙන් ඉවත්කිරීමට ආණ්ඩුව සැළසුම් කර ඇති බවත් මෙය අතිශයින් හානිකාරී තීරණයක් බවත් ඔහු සඳහන් කළේය.
දේශීය කර්මාන්තවලට මරු පහරක් !
එය කළ හොත් මෙරටට දේශීය කර්මාන්තවල අනාගතය දැඩි අනතුරකට පත්වන බවත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියයට 90 ක් කඩා වැටෙන බවත් මහාචාර්යවරයා කීය.
සෙස් බද්ධ සහ වරාය, නැව් තොටුපොලවලට අයකරන බද්ධ ඉවත් කළහොත් වන හානිය කිසිසේත්ම තක්සේරු කළ නොහැකි බවත් එය දේශීය කර්මාන්තවලට මරු පහරක් බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් වැඩි දුරටත් සඳහන් කළේය.
Former foreign minister challenges govt's neutrality claim over doomed Iranian warship





