ඔහු සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙක් පැමිණ සිටියහ.
ඔවුන් අද පෙරවරු 10.52 ට රුසියාවේ මොස්කව් නුවර සිට එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 588 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා ආර්ථික සංවර්ධන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් ( Levan Dzhagaryan ) ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ තෙල් අවශ්‍යතා සපයාගැනීමේ විකල්ප ක්‍රම වෙත යොමු වීමට රජය ගත් තීරණය අනුව මෙම රුසියානු නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වේ.
උද්ගත වූ මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ බලශක්ති අර්බුදයක් නිර්මාණය වූ අතර ඊට සූදානමක් ලෙස මෙරට තෙල් බෙදාහැරීම සීමා කරන ක්‍රමවේද ක්‍රියාවට නැංවීමට රජය පියවර ගත්තේය.
කෙසේවෙතත් මැදපෙරදිග හෝමූස් සමුද්‍රසන්ධිය අවහිරවීමත් සමඟ මෙරටට අපේක්ෂිත තෙල් නැව් කිහිපයක් නියමිත දිනවලටම පැමිණීමට බාධා එල්ල විය.
නිර්මාණය වූ මෙම තත්ත්වය හමුවේ විකල්පයක් ලෙස රුසියාවෙන් තෙල් මිලදී ගැනීම පිළිබඳ රජයේ අවධානය යොමු වී තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස ඛනිජ තෙල් සැපයුම් පිළිබඳ රාජ්‍යත්‍රාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ඇතුළු දුත පිරිසක් අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
ජනාධිපති සමග සාකච්ඡාව අද පස්වරුවේ
රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
ඉන් අනතුරුව, රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට ද නියමිත අතර එහිදී මෙරට බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා වන එකඟතාවන් ඇති කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.






