The Leader News
BREAKING
Top Ad
පුවත්

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙරට මූල්‍ය නීති පද්ධතිය ශක්තිමත් කෙරේ

T

The Leader Desk

March 26, 2026 • 9:22 AM

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙරට මූල්‍ය නීති පද්ධතිය ශක්තිමත් කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ විනිවිදභාවය තහවුරු කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, ප්‍රධාන මූල්‍ය නීති තුනක සංශෝධන සිදු කිරීමට රජය පියවර ගෙන ඇත.
  • මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ මෙම සංශෝධන දැනටමත් ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර ඒවා පාර්ලිමේන්තු අනුමැතිය අපේක්ෂාවෙන් පවතින බවයි.
  • මහ බැංකු අධිපතිවරයාට අනුව මෙලෙස සංශෝධනයට ලක් වන පනත් තුන වනුයේ, * මූල්‍ය ගනුදෙනු වාර්තාකරණ පනත, * මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත සහ * ත්‍රස්තවාදයට මුල්‍ය ආධාර සැපයීම මර්දනය කිරීමේ සම්මුතිය පනතයි.
  • මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමින් අධිපතිවරයා අවධාරණය කළේ, හුදෙක් නීති පද්ධතිය ප්‍රමාණවත් ලෙස සකස් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ විනිවිදභාවය තහවුරු කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, ප්‍රධාන මූල්‍ය නීති තුනක සංශෝධන සිදු කිරීමට රජය පියවර ගෙන ඇත.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ මෙම සංශෝධන දැනටමත් ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර ඒවා පාර්ලිමේන්තු අනුමැතිය අපේක්ෂාවෙන් පවතින බවයි.

මහ බැංකු අධිපතිවරයාට අනුව මෙලෙස සංශෝධනයට ලක් වන පනත් තුන වනුයේ,

*  මූල්‍ය ගනුදෙනු වාර්තාකරණ පනත,
*  මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත සහ
*  ත්‍රස්තවාදයට මුල්‍ය ආධාර සැපයීම මර්දනය කිරීමේ සම්මුතිය පනතයි.


මෙම සංශෝධන හරහා ජාත්‍යන්තර ප්‍රමිතීන් සමඟ ශ්‍රී ලංකාවේ අනුකූලතාවය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ස්ථානීය ඇගයීමට (On-site evaluation) පෙර මෙම නීතිමය රාමුව සකස් කර ගැනීම ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක වේ.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමින් අධිපතිවරයා අවධාරණය කළේ, හුදෙක් නීති පද්ධතිය ප්‍රමාණවත් ලෙස සකස් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. අදාළ ඇගයීම්වලදී සාර්ථක වීමට නම් එම නීති ක්‍රියාත්මක කිරීමේදී ලබා ඇති මැනිය හැකි බලාත්මක කිරීමේ ප්‍රතිඵල (Enforcement results) පෙන්වීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම පාර්ශ්වකරුවන් සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන පුළුල් ආර්ථික ස්ථායීකරණ වැඩසටහන තුළ මෙම මූල්‍ය නීති සංශෝධන වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

මෙම තෙවන අන්‍යෙන්‍ය ඇගයීමේදී (Mutual Evaluation) ශ්‍රී ලංකාව ලබන කාර්ය සාධනය මත, රටේ බැංකු සබඳතා ස්ථාවරව පවත්වා ගැනීමට සහ ආයෝජක විශ්වාසය ආරක්ෂා කිරීමට හැකි වනු ඇත.

එසේම, ජාත්‍යන්තර වශයෙන් අහිතකර ලැයිස්තුගත කිරීම්වලට (Listing risks) ලක්වීමේ අවදානම මඟහරවා ගැනීමට ද මෙම පියවර අතිශය වැදගත් වන බව පෙන්වා දී ඇත.

(සටහන | ජේ.මුණසිංහ) 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...