The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ජාත්‍යන්තර ඇගයීම් ඉලක්ක සාර්ථකව සපුරයි !

T

The Leader Desk

March 26, 2026 • 10:43 AM

ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ජාත්‍යන්තර ඇගයීම් ඉලක්ක සාර්ථකව සපුරයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ පිළිබඳව අදහස් දැක්වූ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය සුභානි කීර්තිරත්න ප්‍රකාශ කළේ, ආසියා-පැසිෆික් මුදල් විශුද්ධිකරණ විරෝධී කණ්ඩායමේ (APG) තෙවන අන්‍යෙන්‍ය ඇගයීම් ක්‍රියාවලියේ ප්‍රධාන සන්ධිස්ථාන තුනක් ශ්‍රී ලංකාව දැනටමත් සාර්ථකව පසු කර ඇති බවයි.
  • වසර 2027 මැද භාගය දක්වා ක්‍රියාත්මක වන පරිදි සැලසුම් කර ඇති මෙම ප්‍රතිසංස්කරණ හා ඇගයීම් ක්‍රියාවලියට අදාළ කාලසටහන් ශ්‍රී ලංකාව මේ වන විටත් සපුරාලමින් සිටී.
  • ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා සන්දර්භීය තොරතුරු පසුගිය පෙබරවාරි 20 වැනිදා APG ලේකම් කාර්යාලයට ඉදිරිපත් කෙරිණි.
  • ඉන් අනතුරුව මාර්තු 12 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සභාපතිත්වයෙන් යුතුව, අදාළ සියලුම රාජ්‍ය අංශයේ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් APG ලේකම් කාර්යාලය හා ඇගයීම්කරුවන් සමඟ සාර්ථක අතථ්‍ය (On Line) රැස්වීමක් පවත්වා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ පිළිබඳව අදහස් දැක්වූ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය සුභානි කීර්තිරත්න ප්‍රකාශ කළේ, ආසියා-පැසිෆික් මුදල් විශුද්ධිකරණ විරෝධී කණ්ඩායමේ (APG) තෙවන අන්‍යෙන්‍ය ඇගයීම් ක්‍රියාවලියේ ප්‍රධාන සන්ධිස්ථාන තුනක් ශ්‍රී ලංකාව දැනටමත් සාර්ථකව පසු කර ඇති බවයි.

මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායට (FATF) අනුබද්ධිත කලාපීය ආයතනයක් වන APG මගින් රටවල් ගෝලීය AML/CFT ප්‍රමිතීන්ට අනුකූල වන ආකාරය තක්සේරු කරනු ලබයි. වසර 2027 මැද භාගය දක්වා ක්‍රියාත්මක වන පරිදි සැලසුම් කර ඇති මෙම ප්‍රතිසංස්කරණ හා ඇගයීම් ක්‍රියාවලියට අදාළ කාලසටහන් ශ්‍රී ලංකාව මේ වන විටත් සපුරාලමින් සිටී.

ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා සන්දර්භීය තොරතුරු පසුගිය පෙබරවාරි 20 වැනිදා APG ලේකම් කාර්යාලයට ඉදිරිපත් කෙරිණි. ඉන් අනතුරුව මාර්තු 12 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සභාපතිත්වයෙන් යුතුව, අදාළ සියලුම රාජ්‍ය අංශයේ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් APG ලේකම් කාර්යාලය හා ඇගයීම්කරුවන් සමඟ සාර්ථක අතථ්‍ය (On Line) රැස්වීමක් පවත්වා ඇත.

"තාක්ෂණික ඇගයීම් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා වූ මාර්තු 20 වැනි දින සීමාව ද රට සපුරා ඇත," යැයි කීර්තිරත්න වැඩිදුරටත් සඳහන් කළාය. මෙම ක්‍රියාවලිය හරහා ඇගයීමේ ඊළඟ අදියරට පෙර මෙරට නීතිමය, නියාමන හා ආයතනික රාමුව පැහැදිලි කර ගැනීමට අවස්ථාව උදා වී ඇත.

APG ඇගයීම්කරුවන්ගේ විශේෂ ස්ථානීය සංචාරයක් මේ වසරේ ඔක්තෝබර් 26 සිට නොවැම්බර් 6 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත. එම කාලය තුළ රාජ්‍ය අංශයේ ආයතන මෙන්ම බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන ඇතුළු පෞද්ගලික අංශයේ වාර්තාකරණ ආයතන ද සම්මුඛ පරීක්ෂණ හා පරික්ෂාවට ලක් කිරීමට නියමිතය.

මෙම සමස්ත ක්‍රියාවලියෙන් අනතුරුව, අවසන් අන්‍යෙන්‍ය ඇගයීම් වාර්තාව 2027 ජූලි මාසයේදී පැවැත්වෙන APG වාර්ෂික මහා සමුළුවේදී සම්මත කර ගැනීමට අපේක්ෂා කෙරේ.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ජාත්‍යන්තර ඇගයීම් ඉලක්ක සාර්ථකව සපුරයි ! | The Leader