The Leader News
BREAKING
Top Ad
පුවත්

සජිත් උපදේශකයින් සමග ආර්ථික විද්‍යාඥ එලේනා පැනරිටිස් හමුවෙයි

T

The Leader Desk

March 26, 2026 • 12:00 PM

  සජිත් උපදේශකයින් සමග ආර්ථික විද්‍යාඥ එලේනා පැනරිටිස් හමුවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම රැස්වීම අතරතුර, හිටපු ලෝක බැංකු ආර්ථික විද්‍යාඥවරියක් සහ ග්‍රීක පාර්ලිමේන්තුවේ හිටපු සාමාජිකාවක් වන පැනරිටිස්, රටවල් කිහිපයක ආයතනික ප්‍රතිසංස්කරණ, ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය සහ සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳ තම අත්දැකීම් බෙදා ගත්තාය.
  • ආර්ථික අර්බුද කළමනාකරණය කිරීමේ සහ විනිවිද පෙනෙන ආයතන ගොඩනැගීමේ ජාත්‍යන්තර අත්දැකීම් ද මෙම රැස්වීමේ දී සමාලෝචනය කරන ලදී.
  • අනාගත සංවර්ධනය සඳහා ස්ථාවර පදනමක් නිර්මාණය කරමින්, වඩාත් අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට ශ්‍රී ලංකාව ගමන් කළ යුතු බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම රැස්වීම අතරතුර, හිටපු ලෝක බැංකු ආර්ථික විද්‍යාඥවරියක් සහ ග්‍රීක පාර්ලිමේන්තුවේ හිටපු සාමාජිකාවක් වන පැනරිටිස්, රටවල් කිහිපයක ආයතනික ප්‍රතිසංස්කරණ, ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය සහ සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳ තම අත්දැකීම් බෙදා ගත්තාය.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන වර්ධනයට සහාය වීම සඳහා පාලන පද්ධති ශක්තිමත් කිරීම, ආර්ථික ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති විසඳුම් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳ ව මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වය අතර මුඛය වශයෙන් අවධානය යොමු කළේය.

WhatsApp Image 2026 03 26 at 2.02.05 PM 2

ජනතාවට සමාජ ආරක්ෂාව සහතික කරන අතර ම ශ්‍රී ලංකාවට තිරසාර ආර්ථික ප්‍රකෘතියක් ලබා ගැනීමට උපකාරී වන ගෝලීය වශයෙන් පරීක්ෂා කරන ලද ප්‍රතිපත්ති ප්‍රවේශයන් ගවේෂණය කිරීමේ අවශ්‍යතාව මෙහි දි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අවධාරණය කළේය.

ආර්ථික අර්බුද කළමනාකරණය කිරීමේ සහ විනිවිද පෙනෙන ආයතන ගොඩනැගීමේ ජාත්‍යන්තර අත්දැකීම් ද මෙම රැස්වීමේ දී සමාලෝචනය කරන ලදී.

විනිවිදභාවය, වගවීම සහ කාර්යක්ෂම රාජ්‍ය සේවා සැපයීම සහතික කරන අතර ම, මූල්‍ය විනය සමාජ සුභසාධනය සමඟ සමතුලිත කරන ජනතාව කේන්ද්‍ර කර ගත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව ද දෙපාර්ශ්වය ම මෙහිදී  සාකච්ඡා කළහ.  

 

WhatsApp Image 2026 03 26 at 2.02.04 PM 1
අනාගත සංවර්ධනය සඳහා ස්ථාවර පදනමක් නිර්මාණය කරමින්, වඩාත් අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට ශ්‍රී ලංකාව ගමන් කළ යුතු බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා සමග මෙම සාකච්ජාවට ඔහුගේ ආර්ථික උපදේශක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා, විපක්ෂ නායකගේ උපදේශක චරණ කංකානම්ගමගේ (Charana Kanakegamage)සහ Advocata අධ්‍යක්ෂ Riyad Riffai ද සහභාගී විය. 

 WhatsApp Image 2026 03 26 at 2.02.04 PM

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...