The Leader News
BREAKING
Top Ad
පුවත්

බලශක්ති අර්බුදය විසදාගැනීමට රුසියානු සහය

T

The Leader Desk

March 26, 2026 • 3:24 PM

බලශක්ති අර්බුදය විසදාගැනීමට රුසියානු සහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිණිස ගත හැකි සියලුම පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
  • බලශක්ති අර්බුදය විසදාගැනීම පිණිස කෙටි කාලීන විසදුම් අවශ්‍යතා මෙන්ම රටවල් දෙක අතර බලශක්ති සබදතා තර කර ගැනීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර බොරතෙල් සැපයුම මෙන්ම පෙට්‍ර්ල්, ඩීසල් හා ගුවන්යානා ඉන්ධන වැනි පිරිපහදු කළ ඉන්ධන සැපයීමට ඇති හැකියාවත් රුසියානු පාර්ශවයෙන් ප්‍රකාශ විණි.
  • තවද මෙරට කෘෂිකර්මාන්තයට අත්‍යාවශය පොහොර ලබාගැනීමට ඇති හැකියාව පිළිබදවත් සාකච්ඡා කෙරිණි.
  • විශේෂයෙන් මෙරටට අවශ්‍ය තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉදිකිරීම සදහා ඇති හැකියාවද රුසියානු දූත පිරිස වෙතින් ප්‍රකාශ විය.
අකුරු ප්‍රමාණය (Font Size):

පිණිස ගත හැකි සියලුම පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ලොව ප්‍රමුඛ පෙළේ බලශක්ති සැපයුම්කරුවෙකු මෙන්ම අපේ සමීපතම මිත්‍ර රටක් වන රුසියානු සමූහාණ්ඩුවෙන් ඛනිජ තෙල් හා ගල් අගුරු ලබා ගැනීමට  ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඒ පිළිබදව තවදුරටත් කරුණු සොයා බැලීම හා අවශ්‍ය එකගතා ඇති කර ගැනීම පිණිස රුසියාවේ නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය “රෝමන් මාර්ෂාවින්“ (Roman Marshavin) ප්‍රමුඛ පෙළේ රුසියානු දූත පිරිසක් අද මෙරටට පැමිණියහ.

අද පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී නියෝජ්‍ය මුදල් හා කම්කරු අමාත්‍ය අචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු  හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රමුඛ පිරිසක් හා රුසියානු දූත පිරිස අතර සාකච්ඡාවක් පැවැත්විණ.


බලශක්ති අර්බුදය විසදාගැනීම පිණිස කෙටි කාලීන විසදුම් අවශ්‍යතා මෙන්ම රටවල් දෙක අතර බලශක්ති සබදතා තර කර ගැනීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර බොරතෙල් සැපයුම මෙන්ම පෙට්‍ර්ල්, ඩීසල් හා ගුවන්යානා ඉන්ධන වැනි පිරිපහදු කළ ඉන්ධන සැපයීමට ඇති හැකියාවත් රුසියානු පාර්ශවයෙන් ප්‍රකාශ විණි. තවද මෙරට කෘෂිකර්මාන්තයට අත්‍යාවශය පොහොර ලබාගැනීමට ඇති හැකියාව පිළිබදවත් සාකච්ඡා කෙරිණි.


විශේෂයෙන් මෙරටට අවශ්‍ය තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉදිකිරීම සදහා ඇති හැකියාවද රුසියානු දූත පිරිස වෙතින් ප්‍රකාශ විය. එමෙන්ම රටවල් දෙක අතර දිගුකාලීන බලශක්ති සබදතා තර කර ගැනීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව සදහා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, බලශක්ති අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ඇතුළු රැසක් එක්ව සිටියහ.

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අද සන්ධ්‍යාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ද හමුවිය.

03020506

 

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...