The Leader News
BREAKING
Top Ad
පුවත්

රවිරාජ් ඝාතන නඩුවේ තීන්දුව අභියාචනාධිකරණයෙන් බල රහිතකරයි

T

The Leader Desk

March 26, 2026 • 4:33 PM

 රවිරාජ් ඝාතන නඩුවේ තීන්දුව අභියාචනාධිකරණයෙන් බල රහිතකරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද මහාධිකරණ තීන්දුව බල රහිත කළ අභියාචනාධිකරණය එම නඩුව යළි විභාග කරන ලෙස නියෝගයක් නිකුත් කළේය.
  • සිංහල භාෂාව කතා කරන සභිකයන්ගෙන් සමන්විත ජූරි සභාවේ එකඟත්වය ඇතිව මහාධිකරණය විසින් ලබාදුන් එම තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචන පෙත්සමක් විභාගයට ගෙන එහි තීන්දුව ප්‍රකාශ කරමින් මෙම නියෝගය කරන ලදී.
  • කොළඹ මහාධිකරණය විසින් මෙම නඩුවේ තීන්දුව මධ්‍යම රාත්‍රිය පසු වී පෙරවරු 12.50 ට ලබාදී ඇති අතර එය අසාමාන්‍ය තත්ත්වයක් බව මෙම අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් වෙයි.
  • එසේම මෙම නඩුවේදී සාක්ෂි ලබාදුන්සම්පත් මනම්පේරි ගේ සාක්ෂි මගින් විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බව පැහැදිලි වන නමුත් එම සාක්ෂි පිළිබඳව ජූරි සභාව දැනුවත් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කර නොමැති බවටද විනිසුරු මඩුල්ල විසින් තීරණය කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද මහාධිකරණ තීන්දුව බල රහිත කළ අභියාචනාධිකරණය එම නඩුව යළි විභාග කරන ලෙස නියෝගයක් නිකුත් කළේය.

සිංහල භාෂාව කතා කරන සභිකයන්ගෙන් සමන්විත ජූරි සභාවේ එකඟත්වය ඇතිව මහාධිකරණය විසින් ලබාදුන් එම තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචන පෙත්සමක් විභාගයට ගෙන එහි තීන්දුව ප්‍රකාශ කරමින් මෙම නියෝගය කරන ලදී.

එම තීන්දුව ලබාදුන්නේ සශී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.


කොළඹ මහාධිකරණය විසින් මෙම නඩුවේ තීන්දුව මධ්‍යම රාත්‍රිය පසු වී පෙරවරු 12.50 ට ලබාදී ඇති අතර එය අසාමාන්‍ය තත්ත්වයක් බව මෙම අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් වෙයි.


එසේම මෙම නඩුවේදී සාක්ෂි ලබාදුන්සම්පත් මනම්පේරි ගේ සාක්ෂි මගින් විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බව පැහැදිලි වන නමුත් එම සාක්ෂි පිළිබඳව ජූරි සභාව දැනුවත් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කර නොමැති බවටද විනිසුරු මඩුල්ල විසින් තීරණය කරන ලදී.

ඒ අනුව අදාළ නඩු තීන්දුව බල රහිතකර නැවත නඩු විභාගයකට නියම කරන බව ද අදාල නඩු තීන්දුවේ සඳහන් වෙයි.

 පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයින් වූ ප්‍රසාද් චන්දන කුමාර, ගාමිනී සෙනෙවිරත්න, ප්‍රදීප් චමින්ද මෙන්ම සිවකාන්තන් විවේකානන්දන් හෙවත් චරන් සහ ෆේබියන් රොයිස්ටන් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් 2016 වසරේ කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණි.

 විත්තිකරුවන් කළ ඉල්ලීමකට අනුව මෙම නඩුව සිංහල භාෂාව කතා කරන  සභිකයන්ගෙන් සමන්විත ජූරි සභාවක් හමුවේ විභාග කළ අතර අත්අඩංගුවේ පසුවන සම්පත් මනම්පේරි ප්‍රධාන සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබාදීම සිදු කළේය.

නඩු විභාගය අවසානයේදී ජූරි සභාවේදී එක ගත්තු ඇතුව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළේ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අදාළ විත්තිකරුවන් සියලු දෙනා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටය.

නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි මහාධිකරණ විනිසුරුවරයා විසින් ජූරි සභාව වෙත වැරදි ලෙස පැහැදිලි කර දුන් බව හෝ ප්‍රමාණවත් ලෙස පැහැදිලි කර නොදුන් බව සඳහන් කරමින් එම තීන්දුවෙන් අගතියට පත් නීතිපතිවරයා අභියාචනාධිකරණයට මෙම අභියාචන පෙත්සම ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

| නෙල්කා මැදගෙදර
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී
nelindum41@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...