The Leader News
BREAKING
Top Ad
පුවත්

නැගෙනහිර අක්කර ලක්ෂයක් ‘සිංහල ජනාවාසවලට හා විදේශීය සමාගම්වලට දීලා’

T

The Leader Desk

March 27, 2026 • 3:53 AM

නැගෙනහිර අක්කර ලක්ෂයක් ‘සිංහල ජනාවාසවලට හා විදේශීය සමාගම්වලට දීලා’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "නැගෙනහිර පළාතේ, රජය යාන්ත්‍රණ 07ක් හරහා අක්කර ලක්ෂයකට වැඩියෙන් ඉඩම් අත්පත් කරගෙන තියනවා.
  • රජයේ හමුදාවන්ට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ හා වන ජීවි දෙපාර්තමේන්තු, මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක්ම උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා බවට පසුගිය සමයේ දිගින් දිගටම චෝදනාවන්ට ලක්ව තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):


"නැගෙනහිර පළාතේ, රජය යාන්ත්‍රණ 07ක් හරහා අක්කර ලක්ෂයකට වැඩියෙන් ඉඩම් අත්පත් කරගෙන තියනවා. ඒවා පුරාවිද්‍යාත්මක ස්ථාන කියලත්, සංරක්ෂණ ප්‍රදේශ කියලත්, වන රක්ෂිත කියලත්, පූජා භුමි කියලත්, වනජීවී ප්‍රදේශ කියලත්, සංවර්ධන වැඩසටහන් දියත් කිරිමට යන ප්‍රදේශ කියලත්, සංචාරක ප්‍රදේශ කියලත් අත්පත් කරගෙන සිංහල ජනාවාස, බෞද්ධ විහාරස්ථාන පිහිටුවීම සහ බහුජාතික සමාගම්වලට සැපයීම වැනි බොහෝ අරමුණු සඳහා භාවිතා කරනවා."

සිවිල් සමාජ ක්‍රියාකාරික අට්පුදරාජන් ධනුෂන් එම චෝදනාව එල්ල කර ඇත්තේ ‘ නැගෙනහිර පළාත් ඉඩම් මුදා ගැනීම සඳහා වූ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රියාකාරීන්’ නමැති සංවිධානය විසින් 2026 මාර්තු 23 සිට අප්‍රේල් 4 දක්වා ඉඩම් සතිය මැයෙන් සිදු කරගෙන යනු ලබන වැඩ සටහනකට මුල පුරමින් මාර්තු 23 වැනිදා පැවැත්වු මාධ්‍ය හමුවකදීය.

කුච්චවේලි  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති දෙදහසකට ආසන්න සිංහල පවුල් ජීවත් වන ප්‍රදේශයක පමණක් බෞද්ධ විහාරස්ථාන 32 ක් ඉදිකර ඒ අවට භුමිය විහාරස්ථානයට අයත් බව පවසමින් ප්‍රදේශයේ පාරම්පරික දෙමළ, මුස්ලිම් ජනතාවගේ ඉඩම් රාජසන්තක කර පුරා විද්‍යා ස්ථාන ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් සිවිල් සමාජ ක්‍රියාකාරික ධනුෂන් එම මාධ්‍ය හමුවේදී පෙන්වා දී තිබුනි.

"කුච්චවේලි  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති ප්‍රදේශයේ සිංහල පවුල් 1,958 ක් ජීවත් වන අතර, එහි විහාරස්ථාන 32 ක් හදලා ඒ ආශ්‍රිත ප්‍රදේශ ඒ විහාරයට අයිතියි කියලා ප්‍රකාශයට පත් කරලා දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ පාරම්පරික ඉඩම් රාජසන්තක කර පුරාවිද්‍යාත්මක ස්ථාන සහ පූජනීය ස්ථාන ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා."

අට්පුදරාජන් ධනුෂන් තව දුරටත් අවධාරණය කර තිබුනේ දෙමළ ජනතාව පරම්පරා ගණනාවක් තිස්සේ වන්දනාමාන කළ ආගමික ස්ථාන පිහිටි නැගෙනහිර පළාතේ  භුමිය රාජසන්තක කර ඔවුන්ගේ වන්දනාමාන කිරීමේ අයිතියට තහංචි පනවා තිබීම නිසා එම බැතිමතුන්ට කෝවිල් වන්දනා මාන කිරිමට සදහා ඒවාට දැන් අයිතිවාසිකම් පානා බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් අවසර ගන්නට සිදුව ඇති බවයි.

රජයේ හමුදාවන්ට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ හා වන ජීවි දෙපාර්තමේන්තු, මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක්ම උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා බවට පසුගිය සමයේ  දිගින් දිගටම චෝදනාවන්ට ලක්ව තිබුනි. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නැගෙනහිර අක්කර ලක්ෂයක් ‘සිංහල ජනාවාසවලට හා විදේශීය සමාගම්වලට දීලා’ | The Leader