The Leader News
BREAKING
Top Ad
පුවත්

මැදපෙරදිග යුද්ධයෙන් රුසියාවේ කල්ල මරේ !

T

The Leader Desk

March 27, 2026 • 5:05 AM

මැදපෙරදිග යුද්ධයෙන් රුසියාවේ කල්ල මරේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාව අවම වශයෙන් දිනකට අමෙරිකානු ඩොලර් මිලියන 760කට (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 23,800ක්) අධික ආදායමක් උපයන බව එම වාර්තා සඳහන් කරයි.
  • ඒ අනුව රුසියාව මාර්තු මාසය අවසන් වනවිට ඩොලර් බිලියන 3.3 සිට 4.9 දක්වා අගයකින් අතිරික්ත ලාබයක් උපයනු ඇතැයි සඳහන් වේ.
  • ඉරානයට එරෙහි යුද්ධය අතරතුර ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සඳහා අමෙරිකාව විසින් පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ ආදායම් මෙලෙස ඉහළගොස් ඇත.
  • මුහුදේ යාත්‍රා කරන නෞකාවල පවතින රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් අප්‍රේල් 11 වනදා තෙක් මිලදී ගැනීමට ලොවපුරා රටවලට මේ වනවිට අවස්ථාව උදාවී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


රුසියාව අවම වශයෙන් දිනකට අමෙරිකානු ඩොලර් මිලියන 760කට (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 23,800ක්) අධික ආදායමක් උපයන බව එම වාර්තා සඳහන් කරයි.

ඒ අනුව රුසියාව මාර්තු මාසය අවසන් වනවිට ඩොලර් බිලියන 3.3 සිට 4.9 දක්වා අගයකින් අතිරික්ත ලාබයක් උපයනු ඇතැයි සඳහන් වේ.

ඉරානයට එරෙහි යුද්ධය අතරතුර ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සඳහා අමෙරිකාව විසින් පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ ආදායම් මෙලෙස ඉහළගොස් ඇත.

මුහුදේ යාත්‍රා කරන නෞකාවල පවතින රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් අප්‍රේල් 11 වනදා තෙක් මිලදී ගැනීමට ලොවපුරා රටවලට මේ වනවිට අවස්ථාව උදාවී තිබේ.

රුසියානු ආර්ථික විද්‍යා වාර්තාවක් උපුටාගනිමින් විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ, සම්බාධක නිදහස් කිරීම්වලින් පුටින් ලාභ ලබන බවය.

තෙල් හා ගෑස් අලෙවියෙන් රුසියාවේ ආදායම මෙම මාසය අවසානයේ දී ඩොලර් බිලියන 12 සිට ඩොලර් බිලියන 24 දක්වා දෙගුණ වනු ඇති සඳහන් වේ.

මෙරට සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ අවස්ථාවේදී, මෙරටට අවශ්‍ය ඉන්දන, ගෑස් හා ගල් අඟුරු නොපමාව ම ලබාදෙන බවට සහතික විය.  

| aruna

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැදපෙරදිග යුද්ධයෙන් රුසියාවේ කල්ල මරේ ! | The Leader