The Leader News
BREAKING
Top Ad
පුවත්

ඇමති ජයකොඩිට අධි චෝදනා භාර දී ඇප මත මුදාහරි

T

The Leader Desk

March 27, 2026 • 7:07 AM

ඇමති ජයකොඩිට අධි චෝදනා භාර දී ඇප මත මුදාහරි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ අද (27) මෙම චෝදනා භාරදීම සිදු වී තිබේ.
  • චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියම කර තිබේ.
  • මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි 6 වනදා යළි කැඳවීමට නියම කර ඇත.
  • ඔහු පවසන පරිදි, ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක පැවති දෝෂයක් එම චෝදනාවට හේතු වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ අද (27) මෙම චෝදනා භාරදීම සිදු වී තිබේ.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කර තිබූ සිතාසියකට අනුව විත්තිකාර කුමාර ජයකොඩි අධිකරණය හමුවේ අද පෙරවරුවේ පෙනී සිටියේය.

චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියම කර තිබේ.

මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි 6 වනදා යළි කැඳවීමට නියම කර ඇත.

යහපාලන ආණ්ඩුව සමයේ වැඩක් !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති චෝදනාවට අනුව, 2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස සේවය කරමින් ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සම්බන්ධයෙන් පැවති ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පෞද්ගලික සමාගමකට වාසියක් අත්වන ආකාරයෙන් කටයුතු කරමින් රජයට රුපියල් 8,859,708.00ක පාඩුවක් සිදුකිරීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මගින් අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා ඉදිරිපත් කරනු ලැබ තිබේ.

කෙසේ වෙතත්, කුමාර ජයකොඩි මීට පෙර මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.

ඔහු පවසන පරිදි, ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක පැවති දෝෂයක් එම චෝදනාවට හේතු වී තිබේ.

"ඕන ම මැනේජර් කෙනෙකුට වගකීමක් තියෙනව නෙ. වැඩ කරනකොට අතපසුවීම් හරි මිස්ටේක්ස් හරි වෙන්න. මට දුන්න මේකෙ මම කොක්කක් ගහල යවපු එක විතර යි තියෙන්නෙ. සබ්ජෙක්ට් එක කරන කෙනා ඒක බලපු නැති එක හරි උවමනාවෙන් හරි එතන මේව වුණා. ඒකෙ මට වගකීමක් නැහැ කියන්නෙ නෑ," අමාත්‍ය කුමාර ජයකොඩි රූපවාහිනී වැඩසටහනකදී තමාට එල්ල වී ඇති චෝදනාව පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇමති ජයකොඩිට අධි චෝදනා භාර දී ඇප මත මුදාහරි | The Leader