The Leader News
BREAKING
Top Ad
පුවත්

සේවක අර්ථසාධක අරමුදලේ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් තීන්දුවක්

T

The Leader Desk

March 27, 2026 • 10:31 AM

සේවක අර්ථසාධක අරමුදලේ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් තීන්දුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් සේවක අර්ථසාධක අරමුදලේ ගණුදෙනු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හෙළිදරව් කරන ලෙස ලබා දුන් නියෝගයක් අහෝසි කරමින් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පිළිගනිමින් අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කරන ලදී.
  • මෙමඟින් අවසාන වශයෙන් මිලියන ගණනක් වූ අරමුදලේ දායකයන්ට බලපෑමක් සිදු වන අයුරින් සේවක අර්ථසාධක අරමුදල තරඟකාරී අවාසියකට සහ ප්‍රතිලාභ ලැබීම අවම වීමකට ලක්විය හැකි බව පිළිබඳව අධිකරණය විසින් අවධානයට යොමු කර ඇත.
  • සේවක අර්ථ සාධක අරමුදලේ වත්කම් ආරක්ෂා කිරීම සම්බන්ධව මහ බැංකු පවතින භාරකාරීත්ව වගකීම අවධාරණය කරමින් අධිකරණය විසින් දක්වාන ලද්දේ මෙවැනි සංවේදී මූල්‍ය තොරතුරු හෙළිදරව් කිරීම තුළින් අරමුදලේ වෙළඳපොල ස්ථාවරත්වයට හානි සිදු විය හැකි බවයි.
  • එහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලද්දේ සේවක අර්ථ සාධක අරමුදලේ මෙහෙයුම් වල විනිවිදභාවය වාර්ෂික වාර්තා කිරීම, විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක්කිරීම සහ පාර්ලිමේන්තුවේ අධීක්ෂණය වැනි ව්‍යවස්ථාපිත ක්‍රියාමාර්ගයන් හරහා සුරක්ෂිත කර ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් සේවක අර්ථසාධක අරමුදලේ ගණුදෙනු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හෙළිදරව් කරන ලෙස ලබා දුන් නියෝගයක් අහෝසි කරමින් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පිළිගනිමින් අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කරන ලදී.

 

වෙරිටේ රිසර්ච් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ, රාජ්‍ය සුරැකුම්පත් ගණුදෙනු සම්බන්ධව මිලදී ගත් දිනයන්, ඵලදායිනාව, මිළ ගණන් සහ ගණු දෙනු වලට අදාළ පාර්ශවයන් යනාදිය ඇතුලත් සවිස්තරාත්මක වාර්තා සහිතව සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජන පිළිබඳව තොරතුරු ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මෙම නඩු කටයුත්ත ආරම්භ විය.

 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇතැම් පොදු තොරතුරු හෙළි දරව් කරන ලද අතර වාණිජමය වශයෙන් සංවේදී වීම සහ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(1) වගන්තිය යටතේ දක්වා ඇති ව්‍යවස්ථාපිත ව්‍යතිරේඛයන් තුලට ඇතුලත් වීම යන පදනම මත ගණු දෙනු පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී.

අභියාචනාධිකරණය විසින්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ තීරණය නිෂ්ප්‍රභ කරමින් ප්‍රකාශ කරන ලද්දේ ඉල්ලා සිටින ලද තොරතුරු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(1) (අ) වගන්තිය යටතේ දක්වා ඇති හෙළිදරව් කිරීම තුලින් තෙවන පාර්ශ්වයකට හානියක් විය හැකි වාණිජමය වශයෙන් රහසිගත තොරතුරු ආරක්ෂා කිරීම පිළිබඳ ව්‍යතිරේඛය තුලට ඇතුලත් වන බවයි.

සේවක අර්ථ සාධක අරමුදලේ ගණුදෙනු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හෙළිදරව් කිරීම තුළින් අරමුදලේ ආයෝජන උපාය මාර්ගයන් නිරාවරණය වන බවත් එමඟින් රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසි වලදී වෙළද පොළ සහභාගී වන්නන්ට සිය ලංසු පිළිබඳ පුර්වාපේක්ෂණයන් කිරීමට සහ උපායශීලී ලෙස සිය ලංසු ඉදිරිපත් කිරීමට හැකි වන බවත් අභියාචනාධිකරණය විසින් නිරීක්ෂණය කරන ලදී.

මෙමඟින් අවසාන වශයෙන් මිලියන ගණනක් වූ අරමුදලේ දායකයන්ට බලපෑමක් සිදු වන අයුරින් සේවක අර්ථසාධක අරමුදල තරඟකාරී අවාසියකට සහ ප්‍රතිලාභ ලැබීම අවම වීමකට ලක්විය හැකි බව පිළිබඳව අධිකරණය විසින් අවධානයට යොමු කර ඇත.

 

සේවක අර්ථ සාධක අරමුදලේ වත්කම් ආරක්ෂා කිරීම සම්බන්ධව මහ බැංකු පවතින භාරකාරීත්ව වගකීම අවධාරණය කරමින් අධිකරණය විසින් දක්වාන  ලද්දේ මෙවැනි සංවේදී මූල්‍ය තොරතුරු හෙළිදරව් කිරීම තුළින් අරමුදලේ වෙළඳපොල ස්ථාවරත්වයට හානි සිදු විය හැකි බවයි.

 

එහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලද්දේ සේවක අර්ථ සාධක අරමුදලේ මෙහෙයුම් වල විනිවිදභාවය වාර්ෂික වාර්තා කිරීම, විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක්කිරීම සහ පාර්ලිමේන්තුවේ අධීක්ෂණය වැනි ව්‍යවස්ථාපිත ක්‍රියාමාර්ගයන් හරහා සුරක්ෂිත කර ඇති බවයි.

මහජන සුභ සිද්ධිය පිළිබඳ ගැටළුවෙහිදී, අධිකරණය විසින් නිගමනය කරන ලද්දේ මෙම හෙළිදරව් කිරීම තුලින් ලැබෙන ප්‍රතිලාභ, සේවක අර්ථසාධක අරමුදලට සහ එහි සාමාජිකයන්ට සිදු විය හැකි හානිය ඉක්මවා යන බව පෙන්වා දීමට වග උත්තරකරු අපොහොසත්ව ඇති බවයි.

ඒ අනුව, අධිකරණය විසින් තීරණය කරන ලද්දේ, වලංගු ව්‍යවස්ථාපිත ව්‍යතිරේඛයක් අදාළ වන අවස්ථාවකදී හෙළිදරව් කිරීමක් සිදු කළ යුතු බවට තීරණය කිරීම තුළින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව සිය බලතල ඉක්මවා ගොස් ඇති බවයි.

ඒ අනුව, අභියාචනාධිකරණය මහ බැංකුවේ අභියාචනය පිළිගනිමින් කොමිෂන් සභාවේ 2018 නොවැම්බර් 27 දිනැති තීරණය අවලංගු කරන ලදී.

 

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මඟින් විනිවිදභාවය ඉහළ නැංවීම සිදු වුව ද, කිසියම් හෙළිදරව් කිරීමක් මඟින් තරඟකාරී තත්වය සඳහා හානියක් සිදු කරන්නේ නම් සහ එය ඉක්මවා යන අන්දමේ මහජන සුභ සිද්ධියක් තහවුරු නොකරන්නේ නම්, පොදු අධිකාරියන් සතුව පවතින වාණිජමය වශයෙන් සංවේදී මූල්‍ය තොරතුරු හෙළිදරව් නොකර සිටීමට ඇති නීත්‍යානුකූල හැකියාව මෙම නඩු තීන්දුව තුලින් සහතික කර ඇත.


නඩුවේ සම්පූර්ණ තීන්දුව මෙන්න

(සටහන | ජේ. මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සේවක අර්ථසාධක අරමුදලේ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් තීන්දුවක් | The Leader