The Leader News
BREAKING
වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●
Top Ad
පුවත්

අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අධික උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න

T

The Leader Desk

April 13, 2026 • 5:36 AM

අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අධික උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි වෛද්‍ය ධම්මික සේනානායක පැවසුවේ, අවුරුදු උත්සවවලදී අධික අව් රෂ්මිය ඇති අවස්ථාවල පැවැත්වෙන ගම හරහා දිවීම සහ බයිසිකල් තරගවලදී තරගකරුවන් සංකූලතාවලට ලක්වීමේ වැඩි හැකියාවක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බවය.
  • මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30කට වඩා වැඩියි.
  • මේ තුළින් අපේ ශරීරයට ඇතිවෙන්න පුළුවන් සංකූලතා එහෙමත් නැත්නම් අපි අව්ව වෙලේ එළිමහනේ ක්‍රීඩා කළාම, තරග පැවැත්වුම ඇතිවෙන්න පුළුවන් සංකූලතා වැඩියි.
  • ඒ වගේම Heat Index එකක් තියෙනවා ඒක 27- 32 අතර වගේ තියද්දි අපි ප්‍රවේශම් වෙන්න ඕනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි වෛද්‍ය ධම්මික සේනානායක පැවසුවේ, අවුරුදු උත්සවවලදී අධික අව් රෂ්මිය ඇති අවස්ථාවල පැවැත්වෙන ගම හරහා දිවීම සහ බයිසිකල් තරගවලදී තරගකරුවන් සංකූලතාවලට ලක්වීමේ වැඩි හැකියාවක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බවය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ධම්මික සේනානායක,

"අපි ඕනම කෙනෙක් අන්තර්ජාලයෙන් බැලුවාම අපිට ලංකාවේ තිබෙන උෂ්ණත්වය දැනගන්න පුළුවන්. මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30කට වඩා වැඩියි. මතක තබා ගන්න ලංකාව උෂ්ණත්වය වැඩි රටක් වගේම ආර්ද්‍රතාවයෙන් වැඩි රටක්. මේ තුළින් අපේ ශරීරයට ඇතිවෙන්න පුළුවන් සංකූලතා එහෙමත් නැත්නම් අපි අව්ව වෙලේ එළිමහනේ ක්‍රීඩා කළාම, තරග පැවැත්වුම ඇතිවෙන්න පුළුවන් සංකූලතා වැඩියි.

ඒ වගේම Heat Index එකක් තියෙනවා ඒක 27- 32 අතර වගේ තියද්දි අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. මේක 32-41 අතර කියන්නේ අපි අධික ලෙස ප්‍රවේශම් වෙන්න ඕනේ. 41ට වැඩි වුණොත් නම් ශරීරයට එළිමහනේ කරන ක්‍රියාකාරකම් භයානක වෙන්න පුළුවන්. ඒ නිසා මේ යතාර්ථය තේරුම් අරගෙන ඔබ සංවිධානය කරන තරගාවලි සංවිධානය කරන්න. ඒ වගේම මේ තරගාවලි සංවිධානය කරද්දි ජනතාව උෂ්ණත්වයට මුහුණදීම හැකිතාක් අවම කරගන්න

ඔබ විශාල පිරිසක් සහභාගී වන අවුරුදු උත්සවයක් සංවිධානය කරනවානම් මේ සඳහා ප්‍රථමාධාර සේවා සහ වෛද්‍ය සේවා සැපයීම අනිවාර්ය වෙනවා ප්‍රදේශයේ ඒ රෝහල දැනුවත් කරලා ඒ වෛද්‍ය සේවා ලබා දෙන්න මේක ඉතාමත් වැදගත්.

ඒ වගේම අපි දන්නවා අපේ අවුරුදු උත්සවවල තිබෙනව ගමහරහා දිවීම සහ මැරතන් තරග මේවගේදීත් සංකූලතා ඇතිවෙන්න පුළුවන් අධික අව් රෂ්මිය පැවැත්වෙන අවස්ථාවලදි තරග පැවැත්වීමෙන් ඒ නිසා ඒ නිසා ඔබ කළින් ආරම්භ කරලා මේ තරග අවසන් කරන්න ඒවගේම බයිසිකල් තරගවලදිත් මේ සංකූලතා ඇති වෙන්න පුළුවන් ඒ නිසා මේ බයිසිකල් තරගත් හැකි ඉක්මනින් අවසන් කරන්න."

| aruna

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අධික උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න | The Leader