ප්‍රවීණ බොලිවුඩ් නළු සහ සිනමාකරුවෙකු වන නානා පාටේකර් (Nana Patekar) ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ පිහිටි සිය නිවසේදී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
මියයන විට ඔහු 75 වැනි වියේ පසුවිය.
ගෝවාහි පිහිටි සිය නිවසේදී සිහිසුන්ව සිටිය දී නානා පාටේකර් රෝහල් ගත කර ඇති අතර, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බවයි.
ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන තුනකින් පිදුම් ලබා ඇති නානා පාටේකර්, ඉන්දියානු සිනමාවේ ජනප්‍රියත්වයට පත් වූ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දී තිබේ. ඒ අතර Parinda, Ab Tak Chhappan, Natsamrat, Wajood සහ Yeshwant වැනි සිනමා නිර්මාණ ප්රමුඛ වේ.
ඔහු 1978 වසරේ තිරගත වූ Gaman චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසියේය. අනතුරුව Welcome චිත්‍රපටයේ ‘උදේ ෂෙට්ටි’ (Uday Shetty) නම් අපරාධකාර චරිතය ඇතුළු විවිධ චරිත හරහා ඔහු ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකර ගත්තේය.
එමෙන්ම Raajneeti, Taxi No. 9211 සහ මරාති සිනමා නිර්මාණයක් වන Natsamrat සඳහා ඔහු දැක්වූ විශිෂ්ට රංගනය ද ප්‍රේක්ෂකයන්ගේ සහ විචාරකයන්ගේ ඉහළ ඇගයීමට ලක්විය.
රංගනයට අමතරව නානා පාටේකර් චිත්‍රපට කිහිපයක් සඳහා පසුබිම් ගායනයෙන් ද දායක වී තිබේ.
ඔහුගේ අභාවය ඉන්දීය සිනමා ක්ෂේත්රයට මෙන්ම ඔහුගේ රංගන දායකත්වය අගය කළ රසිකයන්ට ද දැඩි පාඩුවක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි
Awara
October 8, 2026 • 11:16 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ප්‍රවීණ බොලිවුඩ් නළු සහ සිනමාකරුවෙකු වන නානා පාටේකර් (Nana Patekar) ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ පිහිටි සිය නිවසේදී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
- මියයන විට ඔහු 75 වැනි වියේ පසුවිය.
- ගෝවාහි පිහිටි සිය නිවසේදී සිහිසුන්ව සිටිය දී නානා පාටේකර් රෝහල් ගත කර ඇති අතර, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බවයි.
- ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන තුනකින් පිදුම් ලබා ඇති නානා පාටේකර්, ඉන්දියානු සිනමාවේ ජනප්‍රියත්වයට පත් වූ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
#nanapatekar#indiancinema
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


