පසුගියදා ගෙවනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පසුගිය පෙබරවාරි මස 18 වැනිදා සම්මත කෙරිණ.
මේ අනුව හිටපු මන්ත්‍රීවරුන්ට පෙබරවාරි මුල් දින 17 වෙනුවෙන් පමණක් විශ්‍රාම වැටුප හිමිවිය යුතුව ඇත.
හිඟ මුදල ලැබුණු පසු සමහර මන්ත්‍රීවරුන්ගේ බැංකු ණයට හිලව් ලෙස ඒවා ක්ෂණයෙන් කපා ගෙන තිබූ බව පැවසේ. සෙසු මන්ත්‍රීවරුන් පවසන්නේ සිංහල අවුරුද්දේ වියදම් සඳහා එම මුදල භාවිත කිරීමට බලාපොරොත්තු වන බවයි.
හිඟ වැටුප ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරු දුෂ්කරතාවයට පත්වූහ. පසුව ඒ පිළිබඳව මාධ්‍ය මගින් තොරතුර අනාවරණය කිරීමෙන් පසුව හිඟ මුදල ගෙවීමට මෙසේ කටයුතු කෙරිණ.
විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් පසු හිටපු මන්ත්‍රීවරුන් පන්සියයකට වැඩි පිරිසකගේ (කලත්‍රයන්ද ඇතුළුව) විශ්‍රාම වැටුප අහෝසිවී ගියේය.
(lankalokaya | අසේල පෙරේරා)




