The Leader News
BREAKING
වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●
Top Ad
පුවත්

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවේ

T

The Leader Desk

April 14, 2026 • 3:24 AM

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවේ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාශි චක්‍රයේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුදු උදාව ලෙස සැලකෙයි.
  • අලුත් අවුරුද්ද උදාව: නැකත් සීට්ටුවට අනුව අලුත් අවුරුද්ද උදාවන්නේ අද (14) පූර්වභාග 09.32ටය.
  • පුණ්‍ය කාලය: අවුරුදු උදාවට පෙර පුණ්‍ය කාලය ආරම්භ වන අතර එය අද (14) පූර්වභාග 03.08 සිට අපරභාග 03.56 දක්වා පවතිනු ඇත.
  • ආහාර පිසීමේ නැකත: ආහාර පිසීමේ නැකත පූර්වභාග 10.51ට යෙදී ඇති බව නැකත් සීට්ටුවේ සඳහන්.
අකුරු ප්‍රමාණය (Font Size):

රාශි චක්‍රයේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුදු උදාව ලෙස සැලකෙයි.

උදාවෙන අලුත් අවුරුද්දේ සුබ නැකැත්වලට අනුව චාරිත්‍රවාරිත්‍ර සිදුකිරීම අතීතයේ පටන් පැවති සම්ප්‍රදායකි.

* අලුත් අවුරුද්ද උදාව:
නැකත් සීට්ටුවට අනුව අලුත් අවුරුද්ද උදාවන්නේ අද (14) පූර්වභාග 09.32ටය.

* පුණ්‍ය කාලය:
අවුරුදු උදාවට පෙර පුණ්‍ය කාලය ආරම්භ වන අතර එය අද (14) පූර්වභාග 03.08 සිට අපරභාග 03.56 දක්වා පවතිනු ඇත.

එම කාලය තුළ සියලු වැඩ අත්හැර, ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය වන අතර පුණ්‍ය කාලයේ අපර කොටසේදි ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම ආදි නැකත් චාරිත්‍රවල යෙදීම සුදුසුය.

* ආහාර පිසීමේ නැකත:
ආහාර පිසීමේ නැකත පූර්වභාග 10.51ට යෙදී ඇති බව නැකත් සීට්ටුවේ සඳහන්. රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ ද පිළියෙළ කර ගතයුතුය.

* ආහාර අනුභව කිරීමේ නැකත:
වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ අපරභාග 12.06ටය.

රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන්ය.

* හිසතෙල් ගෑමේ චාරිත්‍රය:
අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 6.55ට යෙදී තිබේ.

හිසතෙල් ගෑම පච්ච වර්ණයෙන් හෙවත් කොළපාට වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිසාව බලා හිසට කොහොඹ පත්ද පයට කොලොන් පත්ද තබා කොහොඹපත් මිශ්‍ර නානු සහ තෙල්ද හිස ගල්වා ස්ථානය කිරීමට සුදුසු යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.  

* රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත:
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත  අප්‍රේල් 20 වැනි සඳුදා පූර්වභාග 06.27ට යෙදී ඇති බව නැකත් සීට්ටුවේ වැඩිදුරටත් දැක්වේ.

* පැලසිටුවීම:
පැලසිටුවීම 23 වැනි දා බ්‍රහස්තපතින්දා පූර්වභාග 9.01 රන්පැහැති වස්ත්‍රා භරණයෙන් සැරසී උතුරු දිසාව බලා පැලසිටුවීම සුදුසු බව ද නැකැත් සීට්ටුවේ සඳහන් වේ.


සබැඳි ලිපි :
නොනගතේ කාලේ නොකා ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ - මහින්ද කුමාර දලුපොත 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...