The Leader News
BREAKING
ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●
Top Ad
පුවත්

කෝප්, කෝපා කමිටුවලට සෘජු නීතිමය බලතල

T

The Leader Desk

April 14, 2026 • 1:53 PM

කෝප්, කෝපා කමිටුවලට සෘජු නීතිමය බලතල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (COPA) කමිටුවට රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ සහ වංචා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව සෘජුවම නීතිමය පියවර ගැනීම සඳහා පැමිණිලි කිරීමට නව බලතල හිමිවී තිබේ.
  • මෙම සුවිශේෂී අවස්ථාව උදා වී ඇත්තේ, පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ ඒකමතික තීරණයකින් යුතුව ස්ථාවර නියෝග සඳහා ගෙන ආ නව සංශෝධන දෙකක් සම්මත වීමත් සමඟය.
  • මෙම සංශෝධනයන්ට අනුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට අදාළව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 119(4) යටතේ නව ඡේදයක් එක් කර ඇත.
  • විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා නිරීක්ෂණය කිරීමේදී යම්කිසි බරපතල මූල්‍ය වංචාවක්, දූෂණයක් හෝ අල්ලස් ගැනීමක් සිදුවී ඇති බවට කමිටුව නිගමනය කරන්නේ නම්, ඊට එරෙහිව සෘජුවම ක්‍රියාත්මක වීමට මින් බලය ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

(COPA) කමිටුවට රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ සහ වංචා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව සෘජුවම නීතිමය පියවර ගැනීම සඳහා පැමිණිලි කිරීමට නව බලතල හිමිවී තිබේ.

මෙම සුවිශේෂී අවස්ථාව උදා වී ඇත්තේ, පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ ඒකමතික තීරණයකින් යුතුව ස්ථාවර නියෝග සඳහා ගෙන ආ නව සංශෝධන දෙකක් සම්මත වීමත් සමඟය.

මෙම නව නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක වීමට පෙර පැවති ක්‍රියාපටිපාටියට අනුව, අදාළ කමිටු විසින් සිදුකරන විමර්ශන වාර්තා පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වූ අතර, ඉදිරි පියවර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තීරණයක් ලැබෙන තෙක් දිගු කාලයක් බලා සිටීමට සිදුවිය. එහෙත්, නව සංශෝධන මගින් එම කාල ප්‍රමාදය මුළුමනින්ම මගහැරී යන අතර, අදාළ වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට හෝ අල්ලස් කොමිසමට සෘජුවම කරුණු වාර්තා කර කඩිනම් නීතිමය පියවර ගැනීමේ මාවත දැන් විවර වී පවතී.


මෙම සංශෝධනයන්ට අනුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට අදාළව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 119(4) යටතේ නව ඡේදයක් එක් කර ඇත. විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා නිරීක්ෂණය කිරීමේදී යම්කිසි බරපතල මූල්‍ය වංචාවක්, දූෂණයක් හෝ අල්ලස් ගැනීමක් සිදුවී ඇති බවට කමිටුව නිගමනය කරන්නේ නම්, ඊට එරෙහිව සෘජුවම ක්‍රියාත්මක වීමට මින් බලය ලැබේ. ඒ අනුව, අදාළ විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කිරීමෙන් පසුව, පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලබන කාලසීමාවක් තුළදී පොලිස්පතිට හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමේ හැකියාව කෝපා කමිටුව සතු වේ.


මීට සමගාමීව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සම්බන්ධයෙන් බලපැවැත්වෙන ස්ථාවර නියෝග අංක 120(4) සඳහාද මෙවැනිම නව ඡේදයක් ඇතුළත් කරමින් කෝප් කමිටුවටද මෙම විශේෂ බලතල ලබා දී තිබේ.

රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් විගණකාධිපති ලබාදෙන වාර්තා පරීක්ෂා කිරීමේදී ඉහත කී ආකාරයේ බරපතල දූෂණ හෝ මූල්‍ය අක්‍රමිකතා නිරීක්ෂණය වන්නේ නම්, කෝප් කමිටුවටද එම වාර්තා සභාගත කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම හෝ පොලිස්පති වෙත සෘජුවම කරුණු යොමු කරමින් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කළ හැකිය.

| lankatruth

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කෝප්, කෝපා කමිටුවලට සෘජු නීතිමය බලතල | The Leader