The Leader News
BREAKING
ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●
Top Ad
පුවත්

'පරෙයි සුදා' සහ 'දිප්පිටිගොඩ ළහිරු' ඩුබායි හිදී අත්අඩංගුවට !

T

The Leader Desk

April 15, 2026 • 4:49 AM

'පරෙයි සුදා' සහ 'දිප්පිටිගොඩ ළහිරු' ඩුබායි හිදී අත්අඩංගුවට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම සැකකරුවන් දෙදෙනා කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පොලිස් මුලස්ථානය මේවනවිට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
  • මේඅතර ඩුබායි පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැකකෙරෙන රංජිත් කුමාර නොහොත් 'කොණ්ඩ රංජි' නැමැත්තා මෙරට රැගෙන එම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙකු ඩුබායි වලට ගොස් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඩුබායි ආරක්ෂක අංශ විසින් එරට සැඟව සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවන් බවට සැකකෙරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව මොවුන් දෙදෙනාට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හා බරපතල අපරාධවලට සම්බන්ධය යැයි සැකකෙරෙන පුද්ගලයින් 30කට ආසන්න පිරිසක් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ.

ලංකාව තුළ සිදු වූ මනුෂ්‍ය ඝාතන සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවීම, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම (මුහුදු මාර්ගයෙන් සහ වෙනත් ක්‍රම මගින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙනඒම සහ බෙදාහැරීම) , ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම (නීති විරෝධී ක්‍රියා මගින් රටේ සාමය සහ ආරක්ෂාව බරපතළ ලෙස කඩ කිරීම) ආදී චෝදනා රාශියක්  'පරෙයි සුදා' සහ ''දිප්පිටිගොඩ ළහිරු' වෙත එල්ලවී ඇතැයි පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් දෙදෙනා කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පොලිස් මුලස්ථානය මේවනවිට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

මේඅතර ඩුබායි පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැකකෙරෙන රංජිත් කුමාර නොහොත් 'කොණ්ඩ රංජි' නැමැත්තා මෙරට රැගෙන එම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙකු ඩුබායි වලට ගොස් ඇත.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...