The Leader News
BREAKING
ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●
Top Ad
පුවත්

ආණ්ඩුව ගත් තීරණයෙන් අලුත් අර්බුද ඇති කරලා - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

T

The Leader Desk

April 15, 2026 • 2:40 PM

ආණ්ඩුව ගත් තීරණයෙන් අලුත් අර්බුද ඇති කරලා - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජලාශවල ජලය, අවශ්‍යතා ඉක්මවා නිදහස්කර විදුලි ජනනය කරන්නට තීන්දු කිරීමෙන් මහනුවර ප්‍රදේශ කිහිපයක පානීය ජල සැපයුමට මෙන්ම කෘෂි අවශ්‍යතා සඳහා ජලය සැපයීමට නොහැකි වීමෙන් විශාල අර්බුදයක් සිදුවන්නට නියමිත බව 'පෙරටුගාමී සමාජවාදී පක්ෂය' පවසයි.
  • අද(15) නුගේගොඩ පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මෙම තත්වය අනාවරණය කළේය.
  • "ලංකාවේ ජලාශවල ජලය යොදාගන්නෙ විදුලි උත්පාදනයට පමණක් නොවෙයි, කෘෂිකර්මාන්තයට, පානීය ජල අවශ්‍යතා ඇතුළු බහුවිධ අවශ්‍යතා සඳහා කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා.
  • එත් ආණ්ඩුව, බාල ගල් අඟුරු අර්බුදයෙන් ගැලවීමට වික්ටෝරියා ජලාශය උපක්‍රමිකව යොදාගන්නට ගත් ගත් උත්සාහයකින් විශාල ගැටලුවක් ඇතිවන්නට නියමිතයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජලාශවල ජලය, අවශ්‍යතා ඉක්මවා නිදහස්කර විදුලි ජනනය කරන්නට තීන්දු කිරීමෙන් මහනුවර ප්‍රදේශ කිහිපයක පානීය ජල සැපයුමට මෙන්ම කෘෂි අවශ්‍යතා සඳහා ජලය සැපයීමට නොහැකි වීමෙන් විශාල අර්බුදයක් සිදුවන්නට නියමිත බව 'පෙරටුගාමී සමාජවාදී පක්ෂය' පවසයි.

අද(15) නුගේගොඩ පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මෙම තත්වය අනාවරණය කළේය.

දුමින්ද නාගමුව එහිදී මෙසේ කරුණු පැහැදිලි කළේය.

"ලංකාවේ ජලාශවල ජලය යොදාගන්නෙ විදුලි උත්පාදනයට පමණක් නොවෙයි, කෘෂිකර්මාන්තයට, පානීය ජල අවශ්‍යතා ඇතුළු බහුවිධ අවශ්‍යතා සඳහා කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. එත් ආණ්ඩුව, බාල ගල් අඟුරු අර්බුදයෙන් ගැලවීමට වික්ටෝරියා ජලාශය උපක්‍රමිකව යොදාගන්නට ගත් ගත් උත්සාහයකින් විශාල ගැටලුවක් ඇතිවන්නට නියමිතයි.

මාර්තු 24 වැනිදා කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ බල ශක්ති ඇමති කුමාර ජයකොඩි ඇමතිවරුන්ගේ මූලිකත්වයෙන් සහ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් කැඳවන ලද රැස්වීමකදී මෙම තීරණයගෙන තිබෙන්නෙ. ඒ තීරණය අනුව, පානීය ජල සැපයුමට වගේම කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය කලමනාකරණය කිරීම වෙනුවට අසාමාන්‍ය ආකාරයෙන් ජලය මුදා හැර ජල විදුලි උත්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරනවා.

බාල ගල් අඟුරු හේතුවෙන් නොරොච්චෝලෙ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනය අඩාල වීම නිසා විදුලි නිෂ්පාදනයට ඩීසල් බලාගාරවල විදුලිය ජනනය කිරීමේදී  අධික පිරිවැයක් දරන්නට සිදුවෙන බව දැනටමත් වාර්තවෙනවා. සිදුවන පිරිවැය පාරිභෝගිකයන් මත පැටවීමට එරෙහි විරෝධතා මතුවන නිසා ආණ්ඩුව මෙම තීන්දුව අරන්.


'එකක් කඩතොලු වසා ගන්නට ගිහින මට වූ කාරියා' කියලා අර ඉඳුරුවෙ ආචාරියා ගැන කියනවා වගේ දැන් ආණ්ඩුව මේ බාල ගල්අඟුරු ප්‍රශ්නය නිසා සීයක් කඩතොලු ඇතිකරමින්  තිබෙනවා.


අපට තොරතුරු ලැබී තිබෙන ආකාරයට වික්ටෝරියා ජලාශයේ ජලය, පානීය ජල අවශ්‍යතා වනුවෙන් භාවිත කිරීම සඳහා මුහුදු මට්ටමේ සිට මීටර් 422 පට්ටමේ පවත්වාගෙන යාම අවශ්‍ය වන නමුත් මේ ආණ්ඩුවෙ හිතුවක්කාර තීරණ නිසා එම සීමාව පහත වැටීමක් වෙනවා. ජලාශවල ජලය අධික වශයෙන් විදුලි බල උත්පාදනයට යොදවා ගැනීම හේතුවෙන් මේ වනවිට මහනුවර, කුණ්ඩසාලේ හා දිගන ප්‍රදේශ කිහිපයකට පානීය ජලය සපයන බලගොල්ල පොම්පාගාරය අකර්මන්‍යවන තත්වයක් මේ වනවිට උද්ගතව තිබෙනවා.

මේ වනවිට ජල සැපයුම් සබඳතා 17000කට පානීය ජලය සැපයුම ගැටලුවක් වෙලා. බවුසර් මගින් ජලය සැපයීමට පියවර ගෙන ඇතත් පාරිභෝගික අවශ්‍යතාව ඝන මීටර් 12000ක් වුවත් දෛනිකව බෙදාහරින්නට හැකිව තියෙන්නෙ ඝනමීටර් 500ක් පමණයි.

ඒ විතරක් නෙවෙයි, මේ හේතුව නිසා පල්කෙැලේ ආයෝජන කලාපයේ ඇතැම් කම්හල්වල නිෂ්පාදන ඉලක්ක සැපිරීම අභියෝගයක් වෙලා, මොකද ජලය නැති නිසා අප්‍රේල් 10 වැනිදා කම්හල් වසා දමන්නට පියවර අරන්.

මේ තත්වය නිසා වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය, කෘෂි කර්මාන්තයට අවශ්‍ය විදියට කලමනාකරණයේ ගැටලුවක් ඇතිවන නිසා මේ ප්‍රශ්නය තවත් දිග්ගසේසනවා. අපි ආණ්ඩුවට කියන්නෙ වහාම මේ අමනෝඥ් තීරණය හකුලා ගන්න කියලා."

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...