The Leader News
BREAKING
ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●
Top Ad
පුවත්

'රනිල් ඉක්මනට රට භාරගත්තේ නැත්නම් යටත් විජිතයක් වෙනවාමයි' - එජාප සභාපති

T

The Leader Desk

April 15, 2026 • 2:44 PM

'රනිල් ඉක්මනට රට භාරගත්තේ නැත්නම් යටත් විජිතයක් වෙනවාමයි' - එජාප සභාපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුගේ අත්දැකීම්වලින් ප්‍රයෝජන නොගතහොත් ශ්‍රී ලංකාව ලෝකයේ යටත් විජිතයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන පවසයි.
  • ඔහු එබව කියා සිටියේ, අද (15) ගාල්ලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ය.
  • ජනතාව තවදුරටත් දේශපාලන සුරංගනා කතාවලට හසු නොවිය යුතු බවත් රට ගොඩනැගීමට නම් 1977 ඇති වූ යුග පෙරළියටත් වඩා මහා පරිවර්තනයක් අවශ්‍ය බවත් ඔහු කියා සිටියේය.
  • රනිල් වික්‍රමසිංහ රට භාර ගන්නා අවස්ථාවේදී ඩොලරයේ නිල අගය 380ක්ව තිබියදී වෙළෙඳපොළේ එය 500 දක්වා ඉහළ ගොස් තිබූ බව පැවසු වජිර අබේවර්ධන, රනිල් වික්‍රමසිංහ සිය සැලසුම් හරහා එය රුපියල් 290 දක්වා පහත හෙළූ බව ද පැවසිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහුගේ අත්දැකීම්වලින් ප්‍රයෝජන නොගතහොත් ශ්‍රී ලංකාව ලෝකයේ යටත් විජිතයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන පවසයි.

ඔහු එබව කියා සිටියේ, අද (15) ගාල්ලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ය.

ජනතාව තවදුරටත් දේශපාලන සුරංගනා කතාවලට හසු නොවිය යුතු බවත් රට ගොඩනැගීමට නම් 1977 ඇති වූ යුග පෙරළියටත් වඩා මහා පරිවර්තනයක් අවශ්‍ය බවත් ඔහු කියා සිටියේය.


රනිල් වික්‍රමසිංහ රට භාර ගන්නා අවස්ථාවේදී ඩොලරයේ නිල අගය 380ක්ව තිබියදී වෙළෙඳපොළේ එය 500 දක්වා ඉහළ ගොස් තිබූ බව පැවසු වජිර අබේවර්ධන, රනිල් වික්‍රමසිංහ සිය සැලසුම් හරහා එය රුපියල් 290 දක්වා පහත හෙළූ බව ද පැවසිය.


වර්තමානය වන විට අමෙරිකානු ඩොලරයක අගය රුපියල් 320 දක්වා යළිත් ඉහළ ගොස් ඇති බවත්, ඩොලරයේ අගය රුපියලකින් ඉහළ යන සෑම අවස්ථාවකදීම මහා භාණ්ඩාගාරයේ ණය බර රුපියල් බිලියන 37කින් ඉහළ යන බවත් ඔහු කියා සිටියේය.

මෙම තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් රටේ පැවැත්මට බරපතළ තර්ජනයක් එල්ල වන බව පෙන්වා දුන් එජාප සභාපතිවරයා, මෙම විනාශයෙන් රට මුදාගැනීම සඳහා ජනතාව වඩාත් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ද අවධාරණය කළේය.

එමෙන්ම වත්මන් පීඩනය හමුවේ වුවද ජනතාව තමන් සතු රන් ආභරණ උකසට තබා හෝ සිය සංස්කෘතික වටිනාකම් රැකගනිමින් අලුත් අවුරුද්ද සැමරීමට උත්සාහ කළ බවත්, එම පණිවිඩය රජය වටහා ගත යුතු බවත් ඔහු පැවසිය.


තවද ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල 90 දක්වා අඩු වී ඇති පසුබිමක, මිල සූත්‍රය අනුව එහි වාසිය ජනතාවට ලබා දීමට ආණ්ඩුව කාරුණික විය යුතු බව ද වජිර අබේවර්ධන කියා සිටියේය.


මේ අතර පැරණි ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අතීතයේ යම් වැරදි සිදුවී ඇති බව මින් තහවුරු වන බවයි.

රටට දැන් අවශ්‍ය වන්නේ ස්වාධීන ප්‍රසම්පාදන කොමිෂන් සභාවලටත් එහා ගිය, සියලු දේශපාලන පක්ෂ එක්ව ක්‍රියා කරන විනිවිදභාවයෙන් යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් බව ද ඔහු අවධාරණය කර සිටියේය.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ විසින් හඳුන්වා දුන් ආර්ථික පරිවර්තන පනත සහ දූෂණ විරෝධී පනත වැනි දෑ රටට යහපතක් පිණිස ගෙන ආ බවත්, හුදෙක් උද්ඝෝෂණය කරන විරුද්ධ පක්ෂයකට වඩා රට ගොඩනැගීමට සැලසුම් සහ අත්දැකීම් ඇති නායකත්වයක් අද රටට අත්‍යවශ්‍ය බව ද වජිර අබේවර්ධන වැඩිදුරටත් කියා සිටියේය.

(news19 | ෆාතිමා සුමෙයිහා)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'රනිල් ඉක්මනට රට භාරගත්තේ නැත්නම් යටත් විජිතයක් වෙනවාමයි' - එජාප සභාපති | The Leader