ඔහුගේ දේහය යුක්රේන ප්‍රාන්ත කඳවුරක හමුදා ගෞරවය සඳහා තබා අනතුරුව යුක්‍රේන හමුදා ආචාර මැද අවසන් කටයුතු සිදුකර තිබේ.
ඔහු ශ්‍රී ලංකා යුද හමුදා දෙවන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ප්‍රභූ ආරක්ෂක ඛණ්ඩයේ සේවය කර පසුව යුක්රේන හමුදාවට බැඳී සිටි අයෙකි.
යුක්රේන ජනාධිපතිවරයා විසින් වීර සෙබළ පදක්කම පැළඳීමෙන් පසු ඔහු යුක්රේන හමුදාවේ ඛණ්ඩ අණදෙන නිලධාරී ලෙස කටයුතු කර ඇත.
මීට පෙර යුක්රේන හමුදාවේ කපිතාන්වරයකු ලෙස සේවය කළ රනේෂ් හේවගේ සටන් බිමේදී වෙඩි වැදී මියයෑමෙන් පසුව රුසියානු ප්‍රහාරය නොතකා අභීතව එම මෘත දේහය රැගෙන ඒමට හතුරුසිංහ සමත් වී ඇති බව වාර්තා වන බව 'සංදේශය' සංස්කාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරෝජ් පතිරණ සඳහන් කර තිබේ.




