The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉරාන පාපන්දු කණ්ඩායමේ ලෝක කුසලාන කඳවුර අමෙරිකාවේ සිට මෙක්සිකෝවට මාරු කරයි

T

The Leader Desk

May 25, 2026 • 3:38 PM

ඉරාන පාපන්දු කණ්ඩායමේ ලෝක කුසලාන කඳවුර අමෙරිකාවේ සිට මෙක්සිකෝවට මාරු කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් එම අදහස වෙනස් කරමින් මෙක්සිකෝවේ ස්ථානගත වීමට තීරණය කර තිබෙනවා.
  • නමුත් දැන් ඔවුන් මෙක්සිකෝවේ ටියව්වානා නගරයේ කඳවුරු බැඳ ගන්නා බව පවසනවා.
  • ඉංග්ල්වුඩ් හා කැලිෆෝනියා නගර නවසිලන්තය ට එරෙහිව ජූනි 15 පැවැත්වෙන තරගය හා ඊට දින හයකට පසුව බෙල්ජියම සමග තරගයට සත්කාරකත්වය දක්වන අතර ඉරානය හා ඊජිප්තුව අතර ජූනි 26 තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ සිඇට්ල් නගරයේ.
  • ලොස් ඇන්ජලීස් නගරයේ උපනාගරික පෙදෙසක් වන ඉංග්ල්වුඩ් ට ටියව්වානා නගරයේ සිට තිබෙන සමීප ආසන්නතාව ඉරාන කණ්ඩායමට පහසුවක් ගෙන දෙන අතර නව ස්ථානයේ සියලු පුහුණු පහසුකම්, ජිම්, පෞද්ගලික රෙස්ටෝරන්ට් සහ කණ්ඩායමට අවශ්‍ය අනෙක් සියලුම දේවල් තිබෙන බව ඉරාන පාපන්දු සම්මේලනය සඳහන් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දැන් එම අදහස වෙනස් කරමින් මෙක්සිකෝවේ ස්ථානගත වීමට තීරණය කර තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඉරාන ක්‍රීඩකයින් මෙක්සිකෝ හා අමෙරිකා දේශසීමාවේ මෙක්සිකෝව පැත්තේ පිහිටා තිබෙන ටියව්වානා නගරය සිය කඳවුර කර ගන්නා බවත් අමෙරිකාවේ සිට මෙක්සිකෝව ට මාරු වීමේ තම ඉල්ලීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) අනුමැතිය ලැබුනු බවත් ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහ්ඩි ටාජ් ප්‍රකාශ කරනවා.

ඉරාන පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ඔවුන්ගේ පුහුණු කඳවුරේ ස්ථානය අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ටූසාන් නගරය කර ගැනීමට මුලින් නියමිතව තිබුණා. නමුත් දැන් ඔවුන් මෙක්සිකෝවේ ටියව්වානා නගරයේ කඳවුරු බැඳ ගන්නා බව පවසනවා.

“ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන සියලු කණ්ඩායම් සඳහා වන පුහුණු කඳවුරු ස්ථාන FIFA විසින් අනුමත කළ යුතුයි. වාසනාවකට, අපි ඉදිරිපත් කළ ඉල්ලීම් හා ඉස්ටාන්බුල් නගරයේදී අපි FIFA සහ ලෝක කුසලාන නිලධාරීන් සමග කළ සාකච්ඡා මෙන්ම FIFA මහ ලේකම්වරයා සමග ටෙහෙරානයේ පැවැත්වූ මාර්ගගත රැස්වීමෙන් පසුව, ඉරාන කණ්ඩායම ස්ථානගත වන කඳවුර අමෙරිකාවේ සිට මෙක්සිකෝව ට වෙනස් කිරීම සඳහා අනුමැතිය ලැබී තිබෙනවා” යනුවෙන් ඉරාන පාපන්දු ප්‍රධානියා කියා සිටිනවා.

ඉරාන කණ්ඩායම ඔවුන්ගේ G කොටසේ තරග තුන ම ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ අමෙරිකාවේ. ඉංග්ල්වුඩ් හා කැලිෆෝනියා නගර නවසිලන්තය ට එරෙහිව ජූනි 15 පැවැත්වෙන තරගය හා ඊට දින හයකට පසුව බෙල්ජියම සමග තරගයට සත්කාරකත්වය දක්වන අතර ඉරානය හා ඊජිප්තුව අතර ජූනි 26 තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ සිඇට්ල් නගරයේ.

ලොස් ඇන්ජලීස් නගරයේ උපනාගරික පෙදෙසක් වන ඉංග්ල්වුඩ් ට ටියව්වානා නගරයේ සිට තිබෙන සමීප ආසන්නතාව ඉරාන කණ්ඩායමට පහසුවක් ගෙන දෙන අතර නව ස්ථානයේ සියලු පුහුණු පහසුකම්, ජිම්, පෞද්ගලික රෙස්ටෝරන්ට් සහ කණ්ඩායමට අවශ්‍ය අනෙක් සියලුම දේවල් තිබෙන බව ඉරාන පාපන්දු සම්මේලනය සඳහන් කරනවා.

කඳවුරේ ස්ථානය වෙනස් කිරීමෙන් පසුව ඉරාන කණ්ඩායම අමෙරිකාව ට ඇතුළු වනු ඇත්තේ මෙක්සිකෝව හරහා බැවින් අමෙරිකානු වීසා ප්‍රශ්න ද විසඳෙනු ඇති බවත් මෙමගින් කණ්ඩායමට ඉරාන ගුවන් යානා භාවිතා කරමින් කෙළින්ම මෙක්සිකෝව ට යා හැකි බවත් සම්මේලනය පෙන්වා දෙනවා.

ඉරාන කණ්ඩායමේ තරග පැවැත්වෙන නගරවලට ටූසාන් ට වඩා ටියව්වානා සමීප බවත් ඉංග්ල්වුඩ් හා කැලිෆෝනියා නගරවලට තිබෙන්නේ මිනිත්තු 55ක දුරක් පමණක් බවත් ටාජ් කියනවා. “ටූසාන් සමග සසඳන විට මේ දුර ඉතා අඩුයි.”

ඉරාන කණ්ඩායම මේ දිනවල තුර්කියේ දකුණු දෙසින් පිහිටි ඇන්ටාලියා නගරයේ පුහුණු වෙමින් සිටින අතර එම සංචිතයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් වීසා අයැදුම් පත් ඉදිරිපත් කිරීම පිණිස බ්‍රහස්පතින්දා ඇංකරා අගනුවර තිබෙන අමෙරිකානු තානාපති කාර්යාලයට ගියා. එහෙත් ඉරාන සංචිතයේ සිටින සියලු දෙනා ට ම එහිදී අමෙරිකානු වීසා අනුමත වනු ඇති බවට විශ්වාසයක් ඉරාන පාපන්දු සම්මේලනයට නැහැ.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...