The Leader News
BREAKING
Top Ad
පුවත්

අනුරාධපුර දැරියගේ සිද්ධිය ගැන සොයන්න මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් විශේෂ අනුකමිටුවක්!

T

The Leader Desk

May 25, 2026 • 4:34 PM

අනුරාධපුර දැරියගේ සිද්ධිය ගැන සොයන්න මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් විශේෂ අනුකමිටුවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර තිබේ.
  • මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි වන අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
  • ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමඟ විශේෂ සාකච්ඡාවක් ලබන ජූනි 5 වැනිදා පැවැත්වීමට නියමිතය.
  • සමාජයේ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති මෙම සිද්ධියට අමතරව, කාන්තාවන් සහ ළමුන්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය හා ආයතනික ශක්තිමත් කිරීම් පිළිබඳව ද එහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර තිබේ.

මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි වන අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමඟ විශේෂ සාකච්ඡාවක් ලබන ජූනි 5 වැනිදා පැවැත්වීමට නියමිතය.

සමාජයේ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති මෙම සිද්ධියට අමතරව, කාන්තාවන් සහ ළමුන්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය හා ආයතනික ශක්තිමත් කිරීම් පිළිබඳව ද එහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.

මේ අතර, අනුරාධපුර දැරියගේ සිද්ධියට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම සඳහා සහ කාන්තා හා ළමා හිංසනය මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ අනුකමිටුවක් පත් කිරීමට ද තීරණය කර ඇත.

එම අනුකමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලි ගුණසිංහ සහ නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ලගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන අතර, හේමාලි වීරසේකර, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, නීතිඥ හසාරා ලියනගේ, නීතිඥ හිරුනි විජේසිංහ සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මන්ත්‍රීවරියෝ එහි සාමාජිකාවන් ලෙස කටයුතු කරති.

(සටහන | ගිම්හාන් ද සිල්වා)  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...