The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණ සේවා කොමිසමට

T

The Leader Desk

May 25, 2026 • 4:40 PM

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණ සේවා කොමිසමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති අනුර කුමාර දිසානායක පියවර ගෙන තිබේ.
  • ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම නාම යෝජනාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිල අනුමැතිය හිමිව ඇත.
  • කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 22 වැනි සිකුරාදා රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.
  • පසුගිය මාර්තු 19 වැනිදා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති අනුර කුමාර දිසානායක පියවර ගෙන තිබේ.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම නාම යෝජනාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිල අනුමැතිය හිමිව ඇත.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 22 වැනි සිකුරාදා රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.

පසුගිය මාර්තු 19 වැනිදා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරේරාජා විශ්‍රාම ගැනීමෙන් පසු මෙම ධුරය මෙතෙක්  පුරප්පාඩුව පැවතුණි.

පසුබිම් තොරතුරු:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව සමන්විත වන්නේ අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගෙනි. මෙහි සෙසු සාමාජිකයන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිවය.

මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අතර ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින විනිසුරුවරයෙකු වන යසන්ත කෝදාගොඩ, මීට පෙර වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ද කටයුතු කර තිබේ.

දීර්ඝ කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස සේවය කළ ඔහු, පසුව මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙසත්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරමින් මෙරට අධිකරණ ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ප්‍රමුඛ පෙළේ නීති විශාරදයෙකි.

විනිසුරු යසන්ත කෝදාගොඩ, ශ්‍රී ලංකාවේ කීර්තිමත් වෛද්‍ය මහාචාර්යවරයෙකු මෙන්ම ප්‍රකට ප්‍රජා සේවකයෙකු වූ කලාකීර්ති, දේශමාන්‍ය දිවංගත නන්දදාස කෝදාගොඩ මහතාගේ පුත්‍රයාය.

 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...