මෑතකාලීනව සිදුකළ දේශීය සමීක්ෂණ සහ පර්‌යේෂණ දත්තවලට අනුව වෛද්‍ය, ඉන්ජිනේරු මෙන්ම මානව ශාස්ත්‍ර ඇතුළු විවිධ පීඨවල සිසුන් සැලකිය යුතු පිරිසක් මෙසේ අධික මානසික පීඩනයකින් පෙළෙන බවට හඳුනාගෙන ඇත.
ජීවන වියදම, නවාතැන් පහසුකම් සහ අධ්‍යාපන උපකරණ සඳහා වැයවන පිරිවැය ඉහළ යාම, අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවය, උපාධියෙන් පසු රැකියා අවස්ථා සහ වෘත්තීය ස්ථාවරත්වය පිළිබඳ පවතින බිය, විශ්වවිද්‍යාල සිසුවකු ලෙස තම පවුල තමන් කෙරෙහි තබා ඇති අධික බලාපොරොත්තු නිසා ඇතිවන මානසික තත්ත්වයන් මෙම තත්ත්වයට හේතුවී ඇත.
උසස් අධ්‍යාපන ක්‍රමය තුළ පවතින දැඩි තරගකාරීත්වය සිසුන්ගේ ප්‍රධාන ආතති සාධකයක් බවට හඳුනාගෙන ඇති අතර අධික විෂය නිර්දේශය, අඛණ්ඩ ඇගයීම් සහ GPA අගය පිළිබඳ පවතින දැඩි සැලකිල්ල හේතුවෙන් දක්ෂ සිසුන් පවා මානසිකව පීඩාවට පත්ව ඇති තත්ත්වයක් දක්නට ලැබෙන බව වෛද්‍යවරු පවසති.
මීට අමතරව, සමහර විශ්වවිද්‍යාලවල ඇති ශිෂ්‍ය බලපෑම් හේතුවෙන්, විශේෂයෙන්ම පළමු වසරේ සිසුන් දැඩි කම්පනයකට, සමාජයෙන් වෙන්වීමට සහ උග්‍ර මානසික පීඩනයකට ලක්වෙයි. විශ්වවිද්‍යාලවල වෛද්‍ය මධ්‍යස්ථාන සහ ශිෂ්‍ය උපදේශන සේවා ස්ථාපිත කර තිබුණද, සිසුන් ඒවා පරිශීලනය කරන්නේ ඉතා අවම වශයෙන් බවද මෙම සමීක්ෂණයේදී හෙළිව ඇත.
( aruna.lk | වරුණි පෙරමුණ)
සරසවි සිසුන්ගේ ආතතිය ඉහළට
T
The Leader Desk
May 26, 2026 • 4:28 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෑතකාලීනව සිදුකළ දේශීය සමීක්ෂණ සහ පර්‌යේෂණ දත්තවලට අනුව වෛද්‍ය, ඉන්ජිනේරු මෙන්ම මානව ශාස්ත්‍ර ඇතුළු විවිධ පීඨවල සිසුන් සැලකිය යුතු පිරිසක් මෙසේ අධික මානසික පීඩනයකින් පෙළෙන බවට හඳුනාගෙන ඇත.
- උසස් අධ්‍යාපන ක්‍රමය තුළ පවතින දැඩි තරගකාරීත්වය සිසුන්ගේ ප්‍රධාන ආතති සාධකයක් බවට හඳුනාගෙන ඇති අතර අධික විෂය නිර්දේශය, අඛණ්ඩ ඇගයීම් සහ GPA අගය පිළිබඳ පවතින දැඩි සැලකිල්ල හේතුවෙන් දක්ෂ සිසුන් පවා මානසිකව පීඩාවට පත්ව ඇති තත්ත්වයක් දක්නට ලැබෙන බව වෛද්‍යවරු පවසති.
- මීට අමතරව, සමහර විශ්වවිද්‍යාලවල ඇති ශිෂ්‍ය බලපෑම් හේතුවෙන්, විශේෂයෙන්ම පළමු වසරේ සිසුන් දැඩි කම්පනයකට, සමාජයෙන් වෙන්වීමට සහ උග්‍ර මානසික පීඩනයකට ලක්වෙයි.
- විශ්වවිද්‍යාලවල වෛද්‍ය මධ්‍යස්ථාන සහ ශිෂ්‍ය උපදේශන සේවා ස්ථාපිත කර තිබුණද, සිසුන් ඒවා පරිශීලනය කරන්නේ ඉතා අවම වශයෙන් බවද මෙම සමීක්ෂණයේදී හෙළිව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



