The Leader News
BREAKING
Top Ad
පුවත්

පොලිසිය රාජකාරියට බාධා කිරීම ගැන මාධ්‍යවේදියකුගෙන් පැමිණිලි

T

The Leader Desk

May 26, 2026 • 8:04 AM

පොලිසිය රාජකාරියට බාධා කිරීම ගැන මාධ්‍යවේදියකුගෙන් පැමිණිලි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ඒ වෙලාවේ හැටන් පොලිසියේ නිරංජන් කියන කොස්තාපල්වරයා මගේ දුරකතනය බලහත්කාරයෙන් උදුරාගෙන වීඩියෝ සියල්ල මැකුවා.
  • "මාධ්‍යවේදීයකුට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පතක් ලබාදී තිබියදීත් ඔවුන්ට සිද්ධිය සිදු වූ ස්ථානයට ගොස් තොරතුරු රැස්කිරීමට ඉඩ නොදී පොලිස් නිලධාරින් තර්ජනය කරනවා.
  • මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබුනේ හාලිඇළ, දෙමෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්ලයියා මනෝජ් (47) නැමැති එක්දරු පියෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):


හැටන්, නිදහස් මාධ්‍යවේදී සාම්බසිවම් සතීස්කුමාර් පවසන්නේ හැටන්, දික්ඔය නගරයේ අඹුසැමි යුවලක් ඝාතනය කර එම කාන්තාව සතු පවුම් 18ක රන් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියට අදාල සැකකරු පොලිස් නිලධාරීන් විසින් මැයි 23 වැනිදා බගවන්තලාව පෙට්‍රසෝ වතුයායේ දී අත්අඩංගුවට ගන්නා අවස්ථාව තමන් ජංගම දුරකථනයෙන් විඩියෝ ගත කරමින් සිටියදී දුරකථනය උදුරා ගනිමින් එහි තිබු විඩියෝ සියල්ල මකා දැමු පොලිස් කොස්තාපල්වරයකු නැවත වරක් විඩියෝ කිරීම් සිදු කළහොත් මෙම ඝාතන සිද්ධියට පටලවා තමන්  අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කළ බවයි.

"ඒ වෙලාවේ හැටන් පොලිසියේ නිරංජන් කියන කොස්තාපල්වරයා මගේ දුරකතනය බලහත්කාරයෙන් උදුරාගෙන වීඩියෝ සියල්ල මැකුවා. මම ප්‍රාදේශීය වාර්තාකරුවෙක් නිසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිකුත් කළ හැඳුනුම්පත තියෙනවා කියලා මම ඔහු වීඩියෝ මකද්දී කිව්වා. ඒත් ඔහු ඒක පිළිගන්නේ නැතිව බලහත්කාරයෙන් මගේ දුරකතනය උදුරගෙන වීඩියෝ දර්ශන මැකුවා. ඒ වෙලාවේ ඔහු කිව්වා, ආයෙත් මේක වීඩියෝ කරනවා නම් මේ ඝාතන සිද්ධියට ඔයාත් සම්බන්ධයි කියලා චෝදනා කරලා අත්අඩංගුවට ගන්නවා කියලා තර්ජනය කළා.

 

තමන් ඒ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ ආරක්ෂක ලේකම්වරයාට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිය පැමිණිල්ල ඉදිරිපත් කළ බව පවසන නිදහස් මාධ්‍යවේදී සාම්බසිවම් සතීස්කුමාර් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ රාජකාරි හැදුනුම්පත ඉදිරිපත් කළත් සිය රාජකාරියට බාධා පමුණුවමින් හා තර්ජන එල්ල කරමින් සිදුවු අසාධාරණයට යුක්තිය ඉටු කරන ලෙසයි.

 

"මාධ්‍යවේදීයකුට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පතක් ලබාදී තිබියදීත් ඔවුන්ට සිද්ධිය සිදු වූ ස්ථානයට ගොස් තොරතුරු රැස්කිරීමට ඉඩ නොදී පොලිස් නිලධාරින් තර්ජනය කරනවා.  මේ වගේ සිදුවීම් මට දිගින් දිගටම සිදුවුණා. අපගේ ඉල්ලීම මොකක්ද කිව්වොත්, මට සිදුවුණ අසාධාරණයට සාධාරණ යුක්තියක් මේ ආණ්ඩුවත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ අය ලබාදිය යුතු බවට ඉල්ලිමක් කරනවා."

හැටන්, දික්ඔය නගරයේදී වයෝවෘද්ධ අඹුසැමි යුවළක් ඝාතනය කර, එම කාන්තාව පැළඳ සිටි පවුම් 18ක් බරැති ස්වර්ණාභරණ කොල්ලකෑ බවට වන චෝදනා යටතේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු  ජුනි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මැයි 24 වැනිදා නියෝග කර තිබුනි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබුනේ හාලිඇළ, දෙමෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්ලයියා මනෝජ් (47) නැමැති  එක්දරු පියෙකි.


සබැඳි පුවතක් :

හැටන් සහ බොගවන්තලාව පොලිස් නිලධාරීන්ගෙන් කඳුකරයේ මාධ්‍යවේදියෙකුට තර්ජන


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලිසිය රාජකාරියට බාධා කිරීම ගැන මාධ්‍යවේදියකුගෙන් පැමිණිලි | The Leader