The Leader News
BREAKING
Top Ad
පුවත්

පළාත් සභා ඡන්දයට අපි ලෑස්තියි : මැතිවරණ කොමිසම

T

The Leader Desk

May 26, 2026 • 3:52 PM

 පළාත් සභා ඡන්දයට අපි ලෑස්තියි : මැතිවරණ කොමිසම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තුව සම්මත කර දෙන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත.
  • මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මෙම අදහස් පවසා ඇත්තේත් පළාත් සභා මැතිවරණය කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අදහස් දක්වමිනි.
  • මෙහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවතින නීතිමය බාධා සහ ඒවා ඉවත් කරගත හැකි ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව කාරක සභාව දැනුවත් කළ බව සඳහන්වේ.
  • එමෙන්ම, කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීති ප්‍රතිපාදන අනුව ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


පාර්ලිමේන්තුව සම්මත කර දෙන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මෙම අදහස් පවසා ඇත්තේත් පළාත් සභා මැතිවරණය කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අදහස් දක්වමිනි.

අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම කාරක සභාව හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවතින නීතිමය බාධා සහ ඒවා ඉවත් කරගත හැකි ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව කාරක සභාව දැනුවත් කළ බව සඳහන්වේ.

එමෙන්ම, කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීති ප්‍රතිපාදන අනුව ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ.

මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, මුනීර් මුලාෆර් සහ මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ සහ ලක්ෂ්මන් නිපුණ ආරච්චි එක්ව සිටියහ.

(සටහන | ගිම්හාන් ද සිල්වා) 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...