එහිදී ඔහු වෙත නවසීලන්තයේ සාම්ප්‍රදායික මාවෝරි සංස්කෘතික "පෝහිරි" (Pōwhiri) පිළිගැනීමක් පිරිනමා ඇති අතර, එවැනි ගෞරවයක් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික විදේශ අමාත්‍යවරයා වන්නේද විජිත හේරත් ය.
මෙම නිල සංචාරය අතරතුර අමාත්‍යවරයා නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් (Winston Peters) ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මීට අමතරව, මෙම සංචාරයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස වෙලින්ටන් නුවර අලුතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් විවෘත කිරීමට ද කටයුතු යොදා ඇත. එමඟින් නවසීලන්තයේ වෙසෙන තිස් දහසකට අධික ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සේවා සැපයීම සහ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
ජුනි 3 වනදා දක්වා ක්‍රියාත්මක මෙම සංචාරයේදී අමාත්‍යවරයා ඕස්ට්‍රේලියාවේ ද නිල සංචාරයක නිරත වීමට නියමිතය.





