The Leader News
BREAKING
Top Ad
පුවත්

'අසරණ සරණ සංකල්පයට නව පණක්' - මහමඟ ඉන්න අසරණ සුනඛයන් වෙනුවෙන් තුම්පනෙන් ඇරඹෙන සුවිශේෂී පින්කමක්

T

The Leader Desk

May 27, 2026 • 6:50 AM

'අසරණ සරණ සංකල්පයට නව පණක්' - මහමඟ ඉන්න අසරණ සුනඛයන් වෙනුවෙන් තුම්පනෙන් ඇරඹෙන සුවිශේෂී පින්කමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිමිපාණන් අනාගත පරපුරට දායාද කළ අසරණ සරණ සංකල්පය මත පදනම් වූ සුනඛ දාන වැඩ සටහන් යළි ප්‍රවර්ධනය කිරීමට උන් වහන්සේගේ නිජ බිම වූ තුම්පනේ කේන්ද්‍ර කර ගත් ගලගෙදර සහ හතරලියැද්ද ප්‍රදේශ වල සමිති සමාගම් කටයුතු යොදා තිබේ.
  • එහි දී මඩවල පුරාණ විහාරාධිපති පූජ්‍ය අන්දරවැව පියරතන හිමියන් ගේ විශේෂ ධර්ම දේශනයක් සමඟ පොසොන් සතිය තුළ එම ප්‍රදේශ ආශ්‍රිතව සිදු කෙරෙන සුනඛ දානමය වැඩ සටහන පිළිබඳ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමක් ද සිදු කෙරෙනු ඇත.
  • ඒ අතර ඉහත අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස හතරලියැද්ද ප්‍රදේශයේ ද තවත් මෙවැනි සුනඛ දාන වැඩ සටහන් ගණනාවක් සංවිධානය කෙරෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

හිමිපාණන් අනාගත පරපුරට දායාද කළ අසරණ සරණ සංකල්පය මත පදනම් වූ සුනඛ දාන වැඩ සටහන් යළි ප්‍රවර්ධනය කිරීමට උන් වහන්සේගේ නිජ බිම වූ තුම්පනේ කේන්ද්‍ර කර ගත් ගලගෙදර සහ හතරලියැද්ද ප්‍රදේශ වල සමිති සමාගම් කටයුතු යොදා තිබේ.

ඒ අනුව ඉදිරි පොසොන් සතිය තුළ එම ප්‍රදේශ ආශ්‍රිතව මහ මඟට වැටී හිඳින අසරණ සුනඛයන් හට ආහාර ලබා දීමේ වැඩ සටහන් දාමයක් ක්‍රියාත්මක වන අතර එහි සමාරම්භය මෙවර වෙසක් පුන් පෝදිනට පෙර දා ( 29) ප.ව 6.00ට තුම්පනේ ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇටි වැලිවිට ශ්‍රී සරණංකර සංඝ රාජ ප්‍රතිමාව අබියස දී පැවැත්වේ.

එහි දී මඩවල පුරාණ විහාරාධිපති පූජ්‍ය අන්දරවැව පියරතන හිමියන් ගේ විශේෂ ධර්ම දේශනයක් සමඟ පොසොන් සතිය තුළ එම ප්‍රදේශ ආශ්‍රිතව සිදු කෙරෙන සුනඛ දානමය වැඩ සටහන පිළිබඳ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමක් ද සිදු කෙරෙනු ඇත.

ගලගෙදර බෞද්ධ බලමණ්ඩලය ගලගෙදර සංස්කෘතික බල මණ්ඩලය හා ගලගෙදර සිංහල වෙළඳ සංගමය මෙම වැඩ සටහන් මාලාව සංවිධානය කරන අතර වැලිවිට ශ්‍රී සරණංකර සංඝ රාජ හිමිපාණන් ගත් මඟ අනුව යමින් අප රටේ ජනතාව තුළ සත්ව කරුණාව අහිංසාව පදනම් කර ගත් මානුෂීය හැඟීම් ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහන් මාලාවේ අරමුණ බව ගලගෙදර බෞද්ධ බලමණ්ඩලයේ ලේකම් සරත් විජේරත්න කීය.

ඒ අතර ඉහත අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස හතරලියැද්ද ප්‍රදේශයේ ද තවත් මෙවැනි සුනඛ දාන වැඩ සටහන් ගණනාවක් සංවිධානය කෙරෙනු ඇත.


| vinivida.lk


සබැඳි ලිපියක් :

තුම්පනෙන් යළි එළිදකින සංඝරාජ හාමුදුරුවන්ගේ බලු කපුටු දානය | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අසරණ සරණ සංකල්පයට නව පණක්' - මහමඟ ඉන්න අසරණ සුනඛයන් වෙනුවෙන් තුම්පනෙන් ඇරඹෙන සුවිශේෂී පින්කමක් | The Leader