The Leader News
BREAKING
විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●
Top Ad
පුවත්

ඩාර්ලි පාරේ සහ නාවල රජයේ ඉඩම් පෞද්ගලික සමාගම්වලට පවරා කළ මහා පරිමාණ ඉඩම් අවභාවිතයක් කෝප් කමිටුවේදී හෙළිවෙයි!

T

The Leader Desk

May 28, 2026 • 4:20 PM

ඩාර්ලි පාරේ සහ නාවල රජයේ ඉඩම් පෞද්ගලික සමාගම්වලට පවරා කළ මහා පරිමාණ ඉඩම් අවභාවිතයක් කෝප් කමිටුවේදී හෙළිවෙයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) දීර්ඝව සාකච්ඡා වී තිබේ.
  • ඩාර්ලි පාරේ ඉඩම තෙවැනි පාර්ශවයකට විකුණලා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් (නිවාස සහ වෙළඳ සංකීර්ණ) ආරම්භ කිරීම සඳහා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි අක්කර 01යි පර්චස් 26.5 ක ඉඩමක් විදේශීය සමාගමකට ලබා දී තිබුණි.
  • කෙසේ වෙතත්, අදාළ සංවර්ධන කටයුතු සිදු නොකර එම සමාගම විසින් ඉඩම වෙනත් සමාගමකට පවරා ඇත.
  • පසුව එම දෙවන සමාගම විසින් 2017 වසරේදී එහි "අංක 5 කොටස" තෙවැනි සමාගමකට විකුණා ඇති අතර, ඊට එරෙහිව ක්‍රියාත්මක වූ නිවාස සංවර්ධන අධිකාරිය අදාළ විකුණුම් ඔප්පුව අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) දීර්ඝව සාකච්ඡා වී තිබේ.


ඩාර්ලි පාරේ ඉඩම තෙවැනි පාර්ශවයකට විකුණලා

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් (නිවාස සහ වෙළඳ සංකීර්ණ) ආරම්භ කිරීම සඳහා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි අක්කර 01යි පර්චස් 26.5 ක ඉඩමක් විදේශීය සමාගමකට ලබා දී තිබුණි. කෙසේ වෙතත්, අදාළ සංවර්ධන කටයුතු සිදු නොකර එම සමාගම විසින් ඉඩම වෙනත් සමාගමකට පවරා ඇත.

පසුව එම දෙවන සමාගම විසින් 2017 වසරේදී එහි "අංක 5 කොටස" තෙවැනි සමාගමකට විකුණා ඇති අතර, ඊට එරෙහිව ක්‍රියාත්මක වූ නිවාස සංවර්ධන අධිකාරිය අදාළ විකුණුම් ඔප්පුව අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් තෙවැනි සමාගම විසින් අධිකාරියට විරුද්ධව මේ වන විට අධිකරණයේ නඩු තුනක් පවරා ඇත.

මේ පිළිබඳව දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින්ද පරීක්ෂණ පවත්වන අතර, ඉඩමේ අයිතිය තවමත් අධිකාරිය සතු ව පවතින බව නිලධාරීහු තහවුරු කළහ.

නාවල ඉඩම බැංකුවකට උකස් කරලා

නාවල, පරංගියා කුඹුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ද කොන්දේසි සහිත සින්නක්කර ඔප්පුවකින් පෞද්ගලික සමාගමකට පවරා තිබූ අතර, එම සමාගම ඉන් කොටසක් වෙනත් සමාගමකට පවරා, ඉතිරි කොටස පෞද්ගලික බැංකුවකට උකස් කර මුදල් ලබාගෙන ඇති බව කමිටුවේදී අනාවරණය විය.

මෙම ඉඩමේ ද ඔප්පු අධිකාරිය විසින් අවලංගු කර ඇති අතර, ඊට එරෙහිව චූදිත සමාගම අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වී ඇත. මීට අමතරව, වෙනත් පුද්ගලයෙකු ද මෙම ඉඩම තමාගේ පෞද්ගලික දේපළක් බව පවසමින් අයිතිය ඉල්ලා නඩු පවරා තිබේ.

මාලිගාවත්ත පෙර පාසල් ඉඩම ගැනත් අවධානය

මීට අමතරව මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණය තුළ පවත්වාගෙන යනු ලබන පෙර පාසලකට අයත් ඉඩම් කොටසක් සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

මෙම සියලු වංචා සහ අක්‍රමිකතා සම්බන්ධ නඩු කටයුතු මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතින බවත්, රජයේ දේපළ සුරක්ෂිත කිරීම සඳහා උපරිම නීතිමය පියවර ගන්නා බවත් පැමිණ සිටි උසස් නිලධාරීහු කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කළහ.

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...