The Leader News
BREAKING
විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●
Top Ad
පුවත්

'රංග දිසානායකගේ වැඩ තහනම් කරනු!' - ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසම වටකරයි

T

The Leader Desk

May 28, 2026 • 4:23 PM

'රංග දිසානායකගේ වැඩ තහනම් කරනු!' - ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසම වටකරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම පරීක්ෂණ අවසන් වනතුරු ඔහුගේ වැඩ තහනම් කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය අද (28) අල්ලස් කොමිසමේ සභාපති ඩබ්ලිව්.එම්.එන්.පී.
  • එක්සත් ජාතික පක්ෂය, නව ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
  • එවැනි දේශපාලන පසුබිමක් ඇති අයෙකු සිටින කොමිසමක ස්වාධීනත්වය පිළිබඳ බරපතළ ගැටලුවක් පවතින බවත්, ඔහු වහාම ධුරයෙන් ඉවත් කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
  • එක්සත් ජාතික පක්ෂයේ අජිත් මාන්නප්පෙරුම මෙහිදී කියා සිටියේ වත්මන් ආණ්ඩුව රැකගැනීම සඳහා අල්ලස් කොමිසම සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) දේශපාලනීකරණය කර ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම පරීක්ෂණ අවසන් වනතුරු ඔහුගේ වැඩ තහනම් කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය අද (28) අල්ලස් කොමිසමේ සභාපති ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවෙලවෙත විශේෂ සංදේශයක් බාර දුන්නේය.

එක්සත් ජාතික පක්ෂය, නව ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

"ස්වාධීන කොමිසම මාලිමා දේශපාලනයේ ගොදුරක් වෙලා" - විපක්ෂය චෝදනා කරයි

සංදේශය බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නව ජනතා පෙරමුණේ සුගීස්වර බණ්ඩාර ප්‍රකාශ කළේ, අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නීති අංශයේ පූර්ණකාලීන ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ අයෙකු බවයි. එවැනි දේශපාලන පසුබිමක් ඇති අයෙකු සිටින කොමිසමක ස්වාධීනත්වය පිළිබඳ බරපතළ ගැටලුවක් පවතින බවත්, ඔහු වහාම ධුරයෙන් ඉවත් කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ අජිත් මාන්නප්පෙරුම මෙහිදී කියා සිටියේ වත්මන් ආණ්ඩුව රැකගැනීම සඳහා අල්ලස් කොමිසම සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) දේශපාලනීකරණය කර ඇති බවයි. චූදිතයන්ට සහ සාක්ෂිකරුවන්ට ජීවිතය එපා වන ආකාරයෙන් තර්ජනය කරමින්, තමන්ට අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීමට බලධාරීන් උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේය.

කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශය

ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ සංදේශයේ, අභාවප්‍රාප්ත කපිල චන්ද්‍රසේන මහතා ජීවත්ව සිටියදී අධිකරණයට ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් පිළිබඳව විශේෂයෙන් සඳහන් කර ඇත.

කපිල චන්ද්‍රසේන මහතා කටඋත්තරයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී, එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක තර්ජනාත්මක ස්වරයෙන් ඔහුට බලපෑම් කර ඇති බව විපක්ෂය පවසයි. අදාළ සිදුවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් ඈඳා ප්‍රකාශයක් ලබා දෙන ලෙස එහිදී තර්ජනය කර ඇති බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන බව ද ඔවුහු පෙන්වා දෙති.

"ජාත්‍යන්තරයට විහිළුවක්"

එක්සත් ජනරජ පෙරමුණේ බන්දුල චන්ද්‍රසේකර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනක රණවක අදහස් දක්වමින් කියා සිටියේ වත්මන් රජය විසින් රටේ ස්වාධීන කොමිෂන් සභා පද්ධතියම හෑල්ලුවට ලක් කරමින් දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමේ ක්‍රියාවලියක නිරත වන බවයි. නව දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කරන ප්‍රධානතම ආයතනය මෙලෙස හැසිරීම සමස්ත ලාංකීය පද්ධතියම ජාත්‍යන්තරය ඉදිරියේ විහිළුවකට ලක් කිරීමක් බව ඔවුහු පෙන්වා දුන්හ.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ අදහස් දැක්වූ නියෝජිතයන්, මහාචාර්ය ජී.එල්. පීරිස් ගේ කැඳවුම්කාරීත්වයෙන් ක්‍රියාත්මක වන ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් නායකත්වයක් සහිතව ඉදිරියට යන බව ප්‍රකාශ කළේය. එමෙන්ම, සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයට ද මේ සඳහා එක්වන ලෙස තමන් ආරාධනා කර ඇති බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

fgdfgdfgdf

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...