The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
පුවත්

අද ආණ්ඩුව තීන්දු ගන්නේ තමන්ට හිතවත් ව්‍යාපාරිකයන් රකින්නයි! - නාමල් කියයි

T

The Leader Desk

May 29, 2026 • 2:04 PM

 අද ආණ්ඩුව තීන්දු ගන්නේ තමන්ට හිතවත් ව්‍යාපාරිකයන් රකින්නයි! - නාමල් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
  • ඔහු මේ බව ප්‍රකාශ කළේ කුලියාපිටිය ප්‍රදේශයේ පැවැති පක්ෂයේ කොට්ඨාස රැස්වීමකට සහභාගී වෙමිනි.
  • පාලකයන්ගේ මෙම පටු ක්‍රියාකලාපය නිසා රටේ ගොවි ජනතාව සහ ශ්‍රමිකයන් දැඩි පීඩාවකට පත්ව ඇති බවත්, ආණ්ඩුවේ නොහැකියාව සහ මර්දනය හමුවේ රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙමින් පවතින බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.
  • "ඉතිහාසයේ වැඩිම බොරු කියූ ආණ්ඩුව" වත්මන් පාලනය ලංකා ඉතිහාසයේ වැඩිම බොරු කියා බලයට පත් වූ ආණ්ඩුව බවත්, අදටත් ජනාධිපතිවරයාගේ සිට අගමැති සහ ඇමැතිවරුන් කරන්නේ ජනතාව රැවටීම බවත් නාමල් රාජපක්ෂ එහිදී චෝදනා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කුලියාපිටිය ප්‍රදේශයේ පැවැති පක්ෂයේ කොට්ඨාස රැස්වීමකට සහභාගී වෙමිනි.

 පාලකයන්ගේ මෙම පටු ක්‍රියාකලාපය නිසා රටේ ගොවි ජනතාව සහ ශ්‍රමිකයන් දැඩි පීඩාවකට පත්ව ඇති බවත්,  ආණ්ඩුවේ නොහැකියාව සහ මර්දනය හමුවේ රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙමින් පවතින බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

"ඉතිහාසයේ වැඩිම බොරු කියූ ආණ්ඩුව"

වත්මන් පාලනය ලංකා ඉතිහාසයේ වැඩිම බොරු කියා බලයට පත් වූ ආණ්ඩුව බවත්, අදටත් ජනාධිපතිවරයාගේ සිට අගමැති සහ ඇමැතිවරුන් කරන්නේ ජනතාව රැවටීම බවත් නාමල් රාජපක්ෂ එහිදී චෝදනා කළේය.

 මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් පරස්පර අදහස් පළ කරමින් සිටින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, සංවර්ධනය කිරීමට තව වසර 20ක් ඉල්ලීම හාස්‍යයට කරුණක් බව ද පැවසීය.

බදු බර සහ ගොවි ජනතාව මුහුණ දෙන ඛේදවාචකය

රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙද්දී, ජනතාව පිට දරාගත නොහැකි බදු බරක් පටවා ඇති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

 දේශීය ගොවියා සැලසුම්සහගතව විනාශ කර, විදේශීය ගොවියන් සහ තමන්ට හිතවත් ව්‍යාපාරිකයන් රැකීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවටද ඔහු චෝදනා කළේය.

"මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ අවුරුදු 10ක් පුරා පොහොර මිටිය රුපියල් 350ට දුන්නා. කොවිඩ් වසංගතය වෙලාවෙත් පොහොර නොමිලේ දුන්නා. හැබැයි අද පොහොර මිටිය 18,000-20,000 දක්වා ඉහළ ගිහින්. වී කිලෝව රුපියල් 100 දක්වා බස්සලා ගොවියා අසරණ කරලා."

කර්මාන්ත වැසෙයි 

රටේ කර්මාන්තශාලා දිගින් දිගටම වැසී යද්දී ආණ්ඩුව සේවකයා වෙනුවට හාම්පුතාගේ පැත්ත ගන්නා බව නාමල් රාජපක්ෂ පැවසීය.

බාල ගල්අඟුරු ආනයනය කිරීම නිසා සිදුවූ පාඩුව පියවා ගැනීමට වැඩිම ලංසුවට ඩීසල් මිලදී ගන්නා බවත්, එම ටෙන්ඩර්ද තමන්ගේ හිතවතුන්ටම බෙදා දී ඇති බවත් ඔහු හෙළි කළේය.

ඖෂධ මිල අහස උසට නැගී ඇති අතර, ගමේ රෝහල්වල බෙහෙත් හිඟයක් පවතින බවද ඔහු සිහිපත් කළේය.

මර්දනයෙන් ප්‍රශ්න විසඳන්න බැහැ

තමන්ගේ දූෂණය සහ නොහැකියාව වසා ගැනීමට ආණ්ඩුව පොලිසිය යොදවා මර්දනය දියත් කර ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

රාජපක්ෂලා හිරේ දැමීමෙන් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බවත්, ඒ සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කරගනිමින්, නවීන තාක්ෂණය මුසු වූ රැකියා අවස්ථා උත්පාදනය කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

අවසාන වශයෙන්, මහින්ද රාජපක්ෂ එදා 30 වසරක යුද්ධය නිමා කර රට සංවර්ධනය කළාක් මෙන්, රට නැවත ගොඩනැඟිය හැකි එකම දේශපාලන බලවේගය වටා රොද බඳින ලෙස නාමල් රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...