The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
පුවත්

ඩොලර් අර්බුදයට මුහුණ දෙන්න සෘජු විදෙස් ආයෝජන ගේනවා; බාධා සියල්ල ඉවත් කරනවා - ජනපති අනුර

T

The Leader Desk

May 29, 2026 • 3:42 PM

ඩොලර් අර්බුදයට මුහුණ දෙන්න සෘජු විදෙස් ආයෝජන ගේනවා; බාධා සියල්ල ඉවත් කරනවා - ජනපති අනුර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (29) පස්වරුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන කොටසේ (රඹුක්කන සිට ගලගෙදර දක්වා) ඉදිකිරීම් කටයුතුවලට එක්වෙමිනි.
  • ලෝකයේ විවිධ කලාපයන්හි මතුවන අර්බුද හේතුවෙන් ඉදිරියේදී ඩොලර් සංචිත පිළිබඳ ගැටලු මතුවීමේ අවදානමක් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඊට මුහුණ දීම සඳහා ශක්තිමත් ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළේය.
  • ක්ෂණිකව වෙනත් කලාපයක ඇතිවන අර්බුදයකට වුවත් මුහුණ දිය හැකි මට්ටමේ ආර්ථිකයක් අප ගොඩනැගිය යුතුයි.
  • විදේශ ආයෝජන මෙරටට ගලා ඒමට පවතින බාධාවන් ඉවත් කිරීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇති බවත්, රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අබල දුබලතා මෙන්ම ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු ඊට හේතු වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (29) පස්වරුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන කොටසේ (රඹුක්කන සිට ගලගෙදර දක්වා) ඉදිකිරීම් කටයුතුවලට එක්වෙමිනි.

ලෝකයේ විවිධ කලාපයන්හි මතුවන අර්බුද හේතුවෙන් ඉදිරියේදී ඩොලර් සංචිත පිළිබඳ ගැටලු මතුවීමේ අවදානමක් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඊට මුහුණ දීම සඳහා ශක්තිමත් ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළේය.


"ඩොලර් ප්‍රශ්නයක් මතුවීමේ අවදානමක් තිබෙනවා. ක්ෂණිකව වෙනත් කලාපයක ඇතිවන අර්බුදයකට වුවත් මුහුණ දිය හැකි මට්ටමේ ආර්ථිකයක් අප ගොඩනැගිය යුතුයි. ඒ සඳහා සෘජු විදෙස් ආයෝජන රැගෙන ඒම අත්‍යවශ්‍යයි," යැයි ජනාධිපතිවරයා පැවසීය.


විදේශ ආයෝජන මෙරටට ගලා ඒමට පවතින බාධාවන් ඉවත් කිරීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇති බවත්, රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අබල දුබලතා මෙන්ම ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු ඊට හේතු වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම බාධාවන් මැඩපවත්වා ආයෝජකයින් දිරිමත් කිරීම සඳහා ගතයුතු ප්‍රධාන පියවර දෙකක් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය:

ආයෝජන ආරක්ෂණ පනත:
ආයෝජකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන විශේෂ පනතක් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට සැලසුම් කර ඇත.

තනි කවුළුවේ යාන්ත්‍රණය (Single Window System):
ආයෝජකයින්ට තමන්ගේ සියලුම පරිපාලන සහ නීතිමය කටයුතු එකම ස්ථානයකින් පහසුවෙන් කර ගැනීම සඳහා "තනි කවුළුවක්" නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම, මෙරට සමස්ත අපනයනවලින් 25%ක්ම ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගෙන පවතින බැවින්, එම අවදානම අවම කරගැනීම සඳහා අපනයන වෙළෙඳපොළ තවත් රටවල් ගණනාවක් කරා විවිධාංගීකරණය කළ යුතු බවද හෙතෙම පැවසීය.

භාණ්ඩ විවිධාංගීකරණය මෙන්ම දේශීය ආනයන ආදේශන කර්මාන්ත නංවාලීම කෙරෙහිද රජයේ පූර්ණ දායකත්වය සපයන බව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අවධාරණය කළේය.

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...