ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ මෙරට කියුබානු තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා (Patricia Lázara Pego Guerra) අතරයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, කියුබාව සතු දියුණු මහජන සෞඛ්‍ය පද්ධතිය සහ ජෛව තාක්ෂණික (Biotechnology) දැනුම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා බෙහෙවින් උපකාරී වන බව පෙන්වා දුන්නේය. එමෙන්ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් සාර්ථක පියවරයන් මෙන්ම ඉදිරි
අභියෝග ජයගැනීම සඳහා ක්‍රියාත්මක සැලසුම්ගත වැඩපිළිවෙළ පිළිබඳව ද අමාත්‍යවරයා තානාපතිනිය දැනුවත් කළේය.
කියුබානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන මදුරු පාලන ව්‍යාපෘති, ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා කියුබානු විශේෂඥ දැනුම ලබාදීම, ඖෂධ සහ එන්නත් නිෂ්පාදනය මෙන්ම ශ්‍රී ලාංකික සිසුන්ට කියුබාවේ වෛද්‍ය අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම වැනි ක්ෂේත්‍රයන් හි නව ප්‍රවේශයන් පිළිබඳව තානාපතිනිය මෙහිදී දීර්ඝව කරුණු පැහැදිලි කළාය.

විශේෂයෙන්ම, කොවිඩ්-19 සමයේදී කියුබාව නිපදවූ 'Abdala' වැනි එන්නත් පිළිබඳව සිහිපත් කළ තානාපතිනිය, ඉදිරියේදී එන්නත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරගැනීමට සූදානම් බව පැවසුවාය.
සුනාමි ව්‍යසනය ඇතුළු හදිසි ආපදාවලදී ශ්‍රී ලංකාවට උපකාර කිරීමට හැකි වීම පිළිබඳව ද ඇය සතුට පළ කළාය. සෞඛ්‍ය සේවා පමණක් නොව, ක්‍රීඩා, කෘෂිකර්මාන්ත සහ දේශගුණික විපර්යාස ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඉදිරියටත් කටයුතු කරන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
මෙම හමුවේ විශේෂ අවස්ථාවක් ලෙස, ආපදා සහ හදිසි අවස්ථාවන්හිදී ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් බැහැරව ගොස් රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කළ හැකි, වෛද්‍ය උපකරණ අඩංගු සුවිශේෂී ගමන් මල්ලක් (Medical Kit) ද තානාපතිනිය විසින් අමාත්‍යවරයා වෙත හඳුන්වා දෙනු ලැබීය.





