The Leader News
BREAKING
Top Ad
පුවත්

චෙම්මනි සමුහ සුසානයේ කැනීම් නැවත පටන් ගැනීමත් සමග තවත් ළමා සිරුරු මතුවේ

T

The Leader Desk

July 15, 2026 • 3:57 PM

චෙම්මනි සමුහ සුසානයේ කැනීම් නැවත පටන් ගැනීමත් සමග තවත් ළමා සිරුරු මතුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවෙන් මෙතකේ හමුවු විශාලතම සමූහ සුසානයේ කැනීම් කටයුතු සති තුනක විවේකයකින් පසුව ආරම්භ කළ පළමු දිනයේම
  •   වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් ජුලි 15 වැනිදා මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ අද දිනයේ ද එක පොදියට තිබෙන සිරුරු ගොඩවල් දෙකක්ද හදුනාගෙන ඇති බවයි.
  • කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා ජුනි 23 වැනිදා තාවකාලිකව නවතා දැමු කැනීම් කටයුතු ජුලි 15 වැනිදා යළි ආරම්භ කර තිබුනේ යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේයි.
  • සමුහ සුසානයෙන් මේ වන විට ගොඩ ගෙන තිබෙන මිනිස් අස්ථි අතර හය, හතර නොදත් කිරි සප්පයන් ඇතුළු කුඩා  දරුවන්ගේ  අස්ථිද පැවතීම හද මහත් සේ කම්පාවට පත් කරන්නක්.
අකුරු ප්‍රමාණය (Font Size):

තවත් දරුවන් දෙදෙනකුට අයත් අස්ථි මතු කරගෙන තිබේ.  

වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් ජුලි 15 වැනිදා මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ අද දිනයේ ද එක පොදියට තිබෙන සිරුරු ගොඩවල් දෙකක්ද හදුනාගෙන ඇති බවයි.

2025 මැයි 15 වැනිදා සිට 2026 ජුලි 15  වැනිදා දක්වා ගතවු වසරකට වැඩි කාලයක් තුළ අදියර තුනක් ඔස්සේ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ දින 87 ක් පුරා සිදු කළ කැනීම් වලින් මතු කරගත් පුද්ගලයන් 414 දෙනකුට අයත් අස්ථි වලින් මිනිස් සිරුරු 409 ට අයත් ඇටසැකිලි ගොඩ ගෙන ඇත.

කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා ජුනි 23 වැනිදා තාවකාලිකව නවතා දැමු කැනීම් කටයුතු ජුලි 15 වැනිදා යළි ආරම්භ කර තිබුනේ යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේයි.


ඊට පෙර දවසේ වාර්තාවක් නිකුත් කරමින් ජාත්‍යන්තර නීතිවේදිනී යස්මින් සුකාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) චෙම්මනි සමුහ මිනීවල හඳුන්වා තිබුනේ “වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීම සහ අතුරුදන් වූවන්ගේ පවුල්වලට යුක්තිය හා වගවීම ලබාදීම සම්බන්ධයෙන් සලකන විට මේ තාක් රට පාලනය කළ ආණ්ඩු විසින් පෙන්වා ඇති ක්‍රමානුකූල, අඛණ්ඩ සහ හිතාමතා සිදු කළ අසාර්ථකත්වයේ සංකේතයක්” ලෙසයි.


සමුහ සුසානයෙන් මේ වන විට ගොඩ ගෙන තිබෙන මිනිස් අස්ථි අතර හය, හතර නොදත් කිරි සප්පයන් ඇතුළු කුඩා  දරුවන්ගේ  අස්ථිද පැවතීම හද මහත් සේ කම්පාවට පත් කරන්නක්. එක ගොඩේ අපිළිවෙලට වලදමා තිබු ඇටකටු පොදි 29ක් ද ඒ අතර වේ.

අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025  මැයි 15 වැනිදායි.

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක්  ගොඩගන්නා ලද 120 ට අධික  පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් හා කාසි කිහිපයක් වේ.

සබැඳි පුවත :

චෙම්මනි: ‘අපි තවමත් සොයමින් සිටින්නෙමු’ - අලුත්ම ජාත්‍යන්තර වාර්තාවක්

dgetw34rr

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...